part 1

400 23 1
                                    

"අඩෝ අඩෝ අන්න එනවා... බැහැපං.. බැහැපං.. "

"හිකේ බං... මගේ රෙද්ද පැටලිලා මේ ලබ්බෙ... "

මම හිටියෙ හොස්ටල් එක ඉස්සරහා ජම්බු ගහේ.. සාමාන්‍යයෙන් ඉතිං මාර්තු මාසෙ මැද්දෙදි විතර මේ ගහේ අම්මටසිරි වෙන්න ජම්බු හැදෙනවා..මං අහන්නෙ කාටද අච්චර ජම්බු තොගයක් දැක දැක... අත්දෙක වන වනා ඔතනින් යන්න පුළුවන්.. මං ඉතිං මගේ පෞකාර මිත්‍ර රත්නයයි තව ඒ ජාතියම පෞකාරයො දෙන්නෙකුයි අඩගහ ගෙන මේ ගහ හිස් කරන්න මෙතන නැවතුනා. ගහට නගින්න එකෙක් තෝරන්නම හැට පැයක් ගියා.. මුංගෙ සිල් බිදෙනවලු ගස් නැග්ගම... අනේ පක තමා..

කොහොම හරි අන්තිමට මම ගහට නැගල.. ජම්බු ගහේ බාගයක් විතර කාලා පහක් හයක් විතරක් පහලට යැවුවා. ඇයි යකෝ ගස් නගින එකාට මොකක් හරි වාසියක් එන්නෙපැයි නැද්ද...
ආතල් එකේ ජම්බු රහට සම වැදිලා ඉද්දි තමා හොස්ටල් එකේ මේට්‍රන් එනවා කියලා නෙතූ ගෑනි කෑ ගැහැව්වෙ.. මට නම් පුදුම ලක් එකක් තියෙන්නෙ කියන්නෙ... ගහෙන් බහින්න හදන කොට.. ඩිංගක් ඉතිරි වෙන්න කපල තිබ්බ පොඩි අතු කෑල්ලක රෙද්ද පැටළුනා... හරිම අගෙයි... කවුද පකෝ මෙව්වා බාගෙට කපන එකා..!!!

" ඔය ළමයි.. ඔහොම ඉන්නවා.. ඔය කීවෙනි වතාවද.. ? ආ.. "

ආපෝ මීට හොදයි හොරණෑවක් පිඹින අස්සේ ඒකට කන ඔබාගත්ත නං.

" සොරී මේට්‍රන්.. " කනිෂ්කා ඇඹරි ඇඹරි මේට්‍රන්ට හිනාවක් දැම්ම..

කනිෂ්කව යන යන තැන එක්කං යන්න එක හේතුවක් තමයි ඕකිගෙ ඇඹරිල්ල ඒකේ පිහිටෙං ඉතිං යන යන තැන කරන ආතල් වැඩ වල තියෙන මෙව්ව එක මකා ගතෑකි.

මේ ගෑනු ත්‍රිත්වය සියල්ල සමනය කරයි කියලා හිතාගෙන මම ගහ බදාගෙනම හිටියා ඉතිං වෙන මොනා කරන්න ද.. මගේ ලක් එක කියන්නෙ.. බිම අච්චර දේවල් තියෙද්දි බලන්න මේට්‍රනී බැලුවෙ උඩ... හරි දැන් සැපයි..

"සොරි තම්.... දෙයියනේ මේ ළමෙයා බහිනව බිමට බහින්නයි කිව්වෙ"

හුකා.. අනේ ගෑනියෙ බොට පේන්නැද්ද මගේ මෙව්ව එක මේකෙ පැටලිලා තියෙන්නෙ..

" මේ බහිනවා මේට්‍රන් මේ බහිනවා.. "
මං එහෙම කියාගෙන ටක් ගාලා ගවුම පැටලුං අරවගෙන නැගපු තැන් මතක් කර කර ඒ තැන් වලිං අඩිය තිය තිය බැස්සා..

ඩේසි මල (Daisies)  🌼 (Sinhala GL Story)Where stories live. Discover now