part 4

189 19 5
                                    

"අනේ පලයං යන්න ඕන්නෑ.. මං තරහයි...."

ආවා මෙතන වැරදි නිවැරදි කරන්න... යකෝ එක බඩවැල කඩා ගෙන ආවෙ නැතුව , අවුරුදු 13ක් නොදන්න උන් විදියට හිටිය ටික විතරයිනෙ.. දැනගෙන අවුරුදු තුනක්නෙ ඉතිං..එහෙව් එකේ.. ඕක කියන්න බැරි උනාද පගෙයට..ඕන්නෑ.. මට නං.. උත්ත..

අපි හිටියෙ ආට් එක ගාව ගල් බංකුව ගාව.. මේ හාල්පාරු පිත්තල ඔටුවා.. මට ෂවේන් අයියා හම්බුනා කියලා කටක්වත් හොල්ලපු නැති නිසා..මම අංචි ඇද්දා.. මුට කියන්න බැයි නං.. මට ඒකට රණ්ඩු වෙන්න බැරි නෑනෙ.. මෙහෙමයි යාළුවාට හැම එකම කියන්න ඕනි කියලා නීතියක් නෑ.. ඒක ඇත්ත.. ඒ වුනාට එහෙම කියන්න ඕනි.. නැත්තං මම මේකිව මරනවා.. මරල ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යවනවා... ආවා මෙතන..

" හේගා ඉතිං.. සෙට් උනාමම කියනවා කියලා හිතාගෙන හිටියෙ.. මම.. "

" ආ ඒමද ඇයි උබලා බදින්න අවසර ගන්නද සෙට් වෙනකල් හිටියෙ...අනේ නිකං පලයං යන්න.. මම යනවා ආයෙ කතා කරන්නෙපා.. "

" අනේ අහපංකො.... මම දැනගෙන හිටියෙ ෂවේන් අයියා කවුද කියලා.. ඒකයි කියන්න අදි මදි කලේ.. අනික් ඔවේන් දන්නෙත් නෑනෙ මේ ගැන.. අනික මම දන්නෑනෙ එදා ආපු කෙල්ල උබලගෙ අයියගෙ කෙල්ල කියලා.. ඒක නිසා.. මම එයාව අතාරිනවා කියලා හිතාගෙන හිටියෙ.."

" ............ "

" අනේ බල්ලෝ... හරි හරි ප්‍රොමිස් වෙනවා.. අම්මපා මීට පස්සෙ හැම එකම කියනවා.... සත්තයි.. "

" නෑ ඕන්නෑ අර මොකටද.. මට ඕන්නෑ අනුන්ගෙ කතා අහන්න.. මම කවුද උබේ.. හැම එකම මට කියන්න.. "

මම මේක ලේසියෙන් අතාරින්නෑ.. පුතේ..ඇයි යකෝ.. මොන අසාධාරණයක්ද මේ..

" අනේ ඔහොම කතා කරන්නෙපා බං ඉතිං.... "

"..........."

" හරි එහෙනං... මම උබට 450 හෙ රෙවෙලෝ එකක් අරං දෙන්නද.. ආ.. "

"............."

දෙයියනේ මුට මාව වටින්නෙ එච්චරද.. 450 රෙවෙලෝ එකක්.. කාලා #න්නවත් මදි..

" ම්... එහෙනම් රෙවෙලෝ එකයි රෝලෝ තුනයි.. තව... මිනි චිප්ස් පැකට් පහකුත් අරං දෙන්නං.. යාළුයි නේ.. "

ඩේසි මල (Daisies)  🌼 (Sinhala GL Story)Where stories live. Discover now