part 3

173 18 2
                                    

මම ෂවේන් අයියගෙ කාමරේට යද්දි අපේ එකා පුප උඩ දා ගෙන ඇදේ නිදි.. ෂවේන් අයියා නං.. මොකක්ද වැඩක් ලැප් එකේ.. මම ගිහිං අපේ අයියාගෙ පස්සට රත් වෙන්න එකක් දුන්නම ඌ ගැස්සිලා නැගිට්ටා..ඌ නැගිට්ට පාර ෂවේන් අයියත් ඌ දිහා බලලා මද සිනාවක් පාලා ආයෙ ලැප් එකට මූණ ඔබා ගත්තා.

" අනේ බං.. ඉන්න දියකො.. උඹලට පාඩං කරන්න නැද්ද.. පලෑම් යන්න..."

" මේ අයියෙ.. ඔවේන්ගෙ කාමරේට යනවකො පොඩ්ඩක්.. මට ෂවේන් අයියගෙං පාඩමක් අහගන්න තියේ.. "

" අහ්ම්.. "

ෂවේන් අයියා එකපාරටම උගුර පෑදුවා.. මුට කාසෙද..

" අහ් හා හා.. මල්ලි නිදිද.. "

" නෑ නෑ ඇහැරලා.. "

මට ඇහැරලා කියන්න උනේ නෑ ඌ ජෙට් එක වගේ කාමරෙං එලියට ගියා..මූ බෑ කිව්වෙ වත් නෑනෙ යකෝ.. අඩුම ඇයි කියලවත් ඇහුවෙ නෑ.. අමුතුයි දැං ටික දවසක ඉදං.. අපේ අයියත්..

" මොකක්ද අහගන්න තියෙන පාඩම.. "

" මුකුත් නෑ හලෝ.. පොඩි කයියක් ගහන්න ආවෙ.. ඔයා වැඩක්ද.. "

" අහ් මම හිතුවා.. වැඩක් නං නෙමේ.. "

" ඒක හොදයි.. ඇයි අයියෙ මේ දවස් වල සයිලන්ට්.. මොකක් හරි අවුලක්ද... "

"......."

" ඔයා ඕම නෑනෙ වෙනදට.. කියන්නෙපා දැං.... අපෙ අයිය වගේ තමුසෙත් බූටක් කෑවා කියලා හොදේව්.. "

"බූටක් කෑවා නං හොදයි නංගි.."

" ඇයි යකෝ එහෙම කියන්නෙ.. "

" නිකං නිකං "

" අනේ අනේ මේ.... ඔයාගෙ ඔය බොරු හොදයි පොඩි උන්ට බත් කවන්න.. "

"______"

" කියන්න කියන්න අනේ.. මමත් ඔයාට හැම එකම කියනවනෙ.. ආ.. "

" ______"

" කියන්න බෑනෙ.. හරි බලාගමු.. "

ඉදගෙන හිටපු තැනිං නැගිටලා.. සාක්කූ දෙකට අත් දෙක දා ගත්තා..

" වාඩිවෙයං ඉතිං.. "

" බෑ මං යනවා... උණහපුලුවා තමුසෙත් එකයි අපේ ගෙදර ඉන්න මලපෙරේතෙයා ඌත් එකයි.. "

මම ආපහු වාඩි වෙලා අත්දෙකත් බැදගෙන පුටුවට හේත්තු උනා.. දැං ඉතිං දුක අහන නංගිගෙ කැරැක්ටර් එකට බහින්නයි යන්නේ..

ඩේසි මල (Daisies)  🌼 (Sinhala GL Story)Where stories live. Discover now