part 10

100 11 8
                                    

"take your mark ... "

(Whistle sound)

පගිච්චියො ටික හිතාගෙන ඇති මාව අල්ලන්න.. උබලට තව දික් වෙන්න වෙනවා ඒකට නං.. හහ්...

මම මේ ප්‍රැක්ටිකල් අස්සෙ බොහොම අමාරුවෙන් ප්‍රැක්ටිස් ඇවිත් ගේමක් ගැහුවෙ කෙතරම් බාධක හමුවේද මං අහන්නෙ ඈ..... නෑ ප්‍රැක්ටිකල් තිබ්බෙ ගිය සතියෙ තමා.. ඒ උනාට මම ඒ මානසිකත්වයෙං මිදිලා නෑ තාම.. හුම්.. වෙච්චි දේවල් වල හැටියට මිදෙන්න පුළුවන් උනොත් තමා පුදුමෙ....

අපිට ප්‍රැක්ටිකල් තිබ්බෙ ගිය සතියෙ මේ වගේම දවසක ඒ කියන්නෙ අද ඉදං හරියටම සතියකට උඩදි.. මම ID එක ගෙනියන්නෙ නැතුව ප්‍රැක්ටිකල් දීලා ආපහු පහු වෙනිදත් ගියා ඒක උස්සගෙන... එදා තමා මිෂීලගෙ ටීම් එකේ අයට ප්‍රැක්ටිකල් දෙන්න තිබ්බෙ... මිෂීගෙ මූණෙන් නම් පෙනුනෙ ඒ ටීම් එක සැටිස් නැති වග.. මහ ලොකුවට පැනගෙන ගියානෙ මගේ ටීම් එක දාලා.. යසයි...

මම ID එකේ වැඩේ කර ගෙන යන්න ගිහිං ආපහු හැරිලා ආවා තියෙන පුකේ අමාරුවට... ඒක ලොකුයිනෙ ඔක්කොටම වඩා.. කොහොමින් කොහොම හරි.... සප් එක දෙන්න ගිහිං මගේ හාට්ටුව තව ඩිංගෙං මිෂීට පුක දෙනවා.. බොහොම අමාරුවෙන් වළක්ව ගත්තෙ දෙයියනේ...මෙහෙමයි උනේ..

මම උදව් කරන්න හිතාගෙන ආපහු යද්දි... අපේ උං ඩ්‍රාමා එකට ලෑස්ති වෙනවා.. උංගෙ මහ ලොකු මේකප් එකක් දාන්න තිබ්බෙ.. ඒ නිසා මම උන්ට උදවු උනා... ඔය අස්සෙ පෝලිමට මේකප් කරගෙන එද්දි මිෂීගෙ ටර්න් එක ආවා.... ස්ටේජ් එකේ දාලා තිබ්බ තැඹිලි පාට ලයිට් එක මිෂීගෙ මූණට වැටිලා ඇස් දිලිසුනා.. මම ඒත් කල්පනා කරන්නෙ ඇයි මට අනික් උංගෙ මූණු දිලිසෙනවා නොපෙනුනේ.... මම ටක් ගාලා ඉවර කරන්න හිතා ගෙන.. ඉස්සෙල්ල එකාගෙ අයි ලයින් ඇදල ඉවර වෙච්චි ගමං තියාගෙන ඉදිය පෙන් එක ටක් ගාලා තියලා පෑන්කේක් එක ගන්න යද්දිම ලයිනර් පෙන් එක මිෂීගෙ කම්මුලේ ගෑවුනා.. මං ආයෙ මොකටද ඕක පිහින්න යන්නෙ මං අහන්නෙ.. මම ඒ ගමන ටක් ගාලා පෑන්කේක් එකයි අනික් ටිකයි එක කකුළක් උඩිං තියා ගත්තා.. මම හිටියෙ උස බංකුවක වාඩි වෙලා.. ඒ කියන්නෙ මෙහෙමයි හැම එකාම එතකොට මගේ කකුළ් දෙක අතරෙ ඉදං තමා.. මේකප් එක දා ගන්නෙ.. මම මිෂීගෙ මූණ එක අතකිං උඩට කරා.. තාම ලයිනර් එකෙං ඇදිච්චි එක ගිහිං තිබ්බෙ නෑ.... ඒත් වහු පැටියා වගේ තවම ඔහේ වෙන දිහාවක් පිහ දානවා.. ඒ ගමන මම මූණ එහාට හරවලා මහපට ඇගිල්ල කම්මුල දිගෙ දෙතුන් පාරක් හිමින් ඇදගෙන ගියා.... වොහ්.. ඩේසි මල් පෙත්තක් හිමින් පිරිමදිනවා වගේ හැගීමක් ඒක. මම එහෙමම මිෂීගෙ ඇස් දිහා බැලුවා... ඒ ඇස් මගේ ඇස් එක්ක එකම වෙලාවෙ ගැටුනාම මට නිකං තිස් තුන්දාහා වැදුනා වගේ සීන් එකක් දැනුන නිසා මම මිෂීගෙ මූණ අතෑරලා.. ඔලුව ගසලා හරි සිහියට ආවා..පස්සෙ ලස්සනට මේකප් එක ෆිනිෂ් කරලා.. අන්තිමේ.. ලිප්ස්ටික් එක apply කරන්න දුන්නෙ මාර ගේමක්... මම තොල් දිහා බලාගෙන ලිප්ස්ටික් එක සංයමයෙං එහා මෙහා අරං ගිහිං එක පාරම ඇස් දිහා බැලුවමයි දැක්කෙ.. එයත් මගේ තොල් දිහා බලාගෙන ඉන්නවා....දෙයියනේ... මම ඊට පස්සෙ මේකප් බඩු ටික පැත්තකිං තියලා.. excuse කරලා සට ගාලා සයිඩ් බෑග් එකත් උස්සගෙන පැනලා ආවා..ගෙදර ආපු වෙලේ ඉදං දැං වෙනකල් කීවෙනි වතාවටද මම මේ මේක මතක් කර කර වැලලෙන්නෙ...දැං ඇති හේගා.. දැං ඇති...අද තරග ඉවර උනාම... වීණත් එක්ක මෙව්ව කතා කරලා හිත නිදහස් කර ගන්න ඕන අප්පා.. මේක හරියන වැඩක් නෙමේ...

You've reached the end of published parts.

⏰ Last updated: May 12 ⏰

Add this story to your Library to get notified about new parts!

ඩේසි මල (Daisies)  🌼 (Sinhala GL Story)Where stories live. Discover now