part 2

213 16 1
                                    

මාර්තු මාසෙ ඉවර වීගෙන යද්දි තමා... වැඩිපුරත් එක්ක රත්වෙන්නෙ හත්වලාමේ එස්සෑම්... ටිකක් විතර මම බය වෙලා හිටියෙ ඒත්... මම පාඩමුත් කරල හිටියෙ.. මොන එහෙකට බය වෙනවද මංදා.. මල්සර දෝනියෝ... උඹේ හිත දමනය කර ගනිම්..

මම හිටියෙ ආට් එකේ පහලට වෙන්න හදල තිබ්බ ගල් බංකුවක වාඩි වෙලා වීණා පොතක් කියවන දිහා , කම්මුලටත් අත තියාගෙන බලාගෙන ඉන්න ගමං.. සිරාවටම මුං කෝමද මෙච්චර පොත් කියවන්නෙ... මාත් කියවනව නං තමා ඒත් ඔච්ච්ර අහු වෙන අහු වෙන හැම එකම කියවන්න බෑ.. හෑයියා... මහ බොළද ආදර කතානෙ තියෙන්නෙ....

" මේ ඒයි.. "

" ම්.. "

" මට බඩගිනියි.. "

" ම්.. "

" යමංකො මොනා හරි කන්න.. "

මම ඉදගෙනම , ඇගේ හිරි ඇරගන්න අත් දෙක විහිදෝලා ඇඹරුනා..
බරාස්!!!
හුකා ඉරුණා නේද ?

" හේගා.. ! "

" අඩෝ ඉරුණා බං... "

" යකෝ... මේ ඉන ගාවින් පළුවක්ම ඉරිලා.. "

" හත්තිලව්වේ.... "

" වාඩි වෙයන් ඔහොම්ම.. "

" වාඩි වෙන්න නෙමේ අද රුමීෂා එහෙම කැඩෙට් රූම් එකේ ඉන්නව මම දැක්ක යමං.. උං ගාව මොනා හරි බඩ කඩිත්තුවක් ඈති.."

" ඔය ඉතිං ඔහොම යන්න පුළුවන්ද බලහං පේනවනෙ.. "

" වැහියං එහෙනං.. "

වීණා මගේ පස්සෙන් ඇලිලම ආවෙ ඉරිච්චි එක වැහෙන්න ඕනි නිසා..අපි කැඩෙට් රූම් එකට යද්දි , රුමීෂා එහෙම යකඩ පෙට්ටි වගයක් බිම දමාගෙන පාට ගානව... මම දොර ගාවට ගිහිං.. චූස් පාරක් ඇද්දම ඒකි ඇගේ දාගෙන හිටපු ඒප්‍රන් එක පුටුවකිං දාලා දොර පැත්තට ආවා..

" මොකද බං උබල ඇලිලා.. "

" ඇලිලා නෙමේ මුගෙ ඉරිලා.. "

" හිකේ.. බල්ලො.. උබලට මං කලිනුත් කියලා තියේ ඉස්කෝලෙ අස්සෙ අවලං වැඩ කරන්නෙපා කියලා.. "

" අනේ මේ පකක් කියවන්නෙ නැතූව... හොද එකා වගේ මේක මහපං.. "

"වරෙං වරෙං.."

මම ඇතුලට ගිහිං උං ඇදුම් මාරු කරන්න කැඩෙට් රූම් එකේම , තිර ඇදලා හදාගෙන තියෙන එක අස්සට ගිහිං ගවුම ගලවල රුමීෂාට දීලා අස්සට වෙලා හිටියා... මල්සර දෝනියේ දවස නං හරි නෑ හොදේව්...

ඩේසි මල (Daisies)  🌼 (Sinhala GL Story)Where stories live. Discover now