part 7

210 19 4
                                    

ප්‍රැක්ටිකල් සීන් එකට බැහැලා සති දෙකක් ඇතුළත අපි කණ්ඩායමෙන් කණ්ඩායම ඉස්කෝලෙට ගිහිං ප්‍රැක්ටිස් උණා.. දවසකට දෙක දෙක වගේ ගිහිං තමා වැඩේ කර ගත්තෙ.. මම එදායින් පස්සෙ මිෂීව තාම දැක්කෙ නෑ.. ආහ්..මොනවට මට ඒකිව මතක් වෙනවද මන්දා.. වීණට කියන්නෝනි කොණ්ඩෙ තව ටිකක් දික් කර ගනිං කියලා.. කොන්ඩයක් නිසානෙ මේ ඔක්කොම..

ඔවේන්ලගෙ ඩ්‍රාමා ප්‍රැක්ටිස් පටං ගත්තෙ අපි ඔක්කෝම හදාගෙනත් ඉවර උනාට පස්සෙ.. උන්ලගෙ ඉස්කෝලෙ නං 100 පන්නලා ඉන්නව.. ඒ මිස් කොහොම කරනවද මංදා.. හැබැයි උන්ට එන්න කියලා කියපු දවසෙ ඉදං සති අන්තෙද පෝයද නිවාඩුද නෑ.. හැමදාම ප්‍රැක්ටිස්.. හම්මෝ හැමදාම... !!! දෙය්යනේ මට නං බෑ..

ඒ අස්සේ සවිමින් ක්ලබ් එකේ කෝච් කතා කරලා කිව්වා.. පළාත් මීට් එකක් එනවලු ලග.. එක්සෑම් ඉවර වෙලා ආතල් එකේ ඉන්න හිතා ගත්තා මදැයි.. මීට වඩා හොදයි...

" මොනවද බං උබ ඔය බිම හාර හාර කරන්නෙ.. මෙහෙ වරෙං දැං උබේ එක රග පාන්න තියෙන්නෙ... "

" ආ..!!? "

මම හිටියෙ අපේ ඉස්කෝලෙ මැද මිදුලෙ ගල් බංකුවක් ලග බිම වාඩි වෙලා කෝටු කෑල්ලකින් බිම කුරුටු ගාන ගමං.. මට මොකක් හරි වෙලා අෆ්ෆා.... ඒ අස්සෙ රගන්නත් එන්නලු.. ආහ් අම්මේ... මල්සර දෝනිට මහන්සියෝ... මම බැරි බැරි ගාතෙ බංකුවත් අල්ලගෙන නැගිටලා.. පැද්දි පැද්දි නිළියො ටික ගාවට ගියා.. විසාල කරදරයක් මේක දැං නං..

"ඉදා පගෙයට "

"ආව්වා ඕඉ.. "

" මොනවද ඕඉ වෙලා තියෙන්නේ.. බලහං කැදෙයා වගේ තෝ.. කිසි මෙව්වා එකක් නෑ.. "

" තියෙනවා වරෙං පෙන්නන්න.. "

" අනේ හු.. "

" මට දෙබස් පාඩං ඕඉ.. ඇක්ට් එකත් හරියට කරනවනෙ ඕඉ.. අද මට හරි නෑ.. "

" ඇයි බං.. මේ උබට පීරීයඩ්ද.. "

" නෑ "

" එහෙනං.. "

" මගේ හිත බරයි බං.. "

" කක්කා බරයි.. !!! "

" විහිලු නෙමේ ඕඉ.. මගේ හිතට හරී නෑ.. "

" මං කියන්නද වීණා ඕක බං.. වෙනම මෙව්ව එකක් හරිද ඕකට කියන්නෙ ලව් සික් එක කියලා.. "

ඩේසි මල (Daisies)  🌼 (Sinhala GL Story)Where stories live. Discover now