part 8

229 16 9
                                    

" මට බෑ බං.. මට මහ වරදකාරී හැගීමක් දැනෙනවා... බැරිවෙලාවත් අම්මලා දැනගත්තොත්.. අපේ ගෙවල් අතරෙ තියෙන ෆිට් එකත් නැතිවෙලා යයි... මට බයයි හේගා... ඒකයි මම හේෂ් අයියාට කිව්වෙ මට කෙල්ලෙක් ඉන්නව කියලා.. "

" හරි එතකොට උඹ ඔහොම හැමදාම විදව විදව ඉන්නද හදන්නෙ.."

" මම දන්නෑ.. "

" ඔක්කොටම කලිං මට කියපං උඹ අපෙ අයියට සිරා ද කරන්නෙ... "

" ඔව්... ඒත්... මට බයයි.. "

" ඇයි.. "

" ගෙවල් වලිං දැනගත්තට පස්සේ මොනවා වේවිද කියලා.. අනේ අපී දෙන්නව මරලා දායී බං.."

" පිස්සුද හුත්තෝ.. ඒම වෙන්නෑ.. අපේ අම්මලා තාත්තලා ඒම නෑ.. මට ඒක විශ්වාසයි.. "

අපි හිටියෙ ඉස්කෝලෙ මැද මිදුලට ඇවිදං යන ගමං..
ඔවේන්ලගෙ අම්මා මොනවා හරී දැනගෙනද දන්නෙ නෑ.. ඒත් ආන්ටි මොනාහරි කියනවනෙ එහෙනං.. මුගේ බය සාධාරණයි... ඒ උනාට කට්ට කා ගෙන හරි අල්ලගෙන ඉන්න එකා තමා වටින්නෙ.. මූට බයයිලුනෙ..

අද වර්ක්ෂොප් එක.. ෂවේන් අයියා උදෙන්ම අපි දෙන්නව ඉස්කෝලෙට ඇරලවලා.. වීණා එක්කත් පොඩ්ඩක් කතා කර කර ඉදලා යන්න ගියා. ෂවේන් අයීයා උනත් හිටියෙ අවුලෙං මුං ආයෙ මට මොනවා හරි හංගනවා.. හැබැයි මේ පාර නං මම මුං තුන්දෙනාගෙ වලු තුන විකුණලා තමයි පස්ස බලන්නෙ.. කපටි වදුරො තුන්දෙනා..

අපි ඉස්කෝලෙට එද්දි ගොඩක් උං ඇවිල්ලා හිටියෙ... කෙල්ලොන්ට වඩා හිටියෙ කොල්ලො.. යෂානිලා එහෙම ඇඹරි ඇඹරි එහාට මෙහාට යනවා මම ලාවට වගේ ඈත තියා දැක්කා.. ඒ අස්සෙ.. රුමීෂා.. මැද මිදුලෙ බංකුවක් උඩ ඉදගෙන කකුල් දෙකත් උඩට අරං.. කොල්ලො පස් හය දෙනෙක් එක්ක.. බර කයියක.. අපි තුන්දෙනත් ඒ පැත්තට ඇදුනා.. මිස් තාම ඇහිල්ල නෑ මයෙ හිතේ.. නැත්තං මුං මෙහෙම කාලකණ්ණි වගේ ඉන්නෙ නෑනෙ..

" අම්මට සිරි හේගා.. මොකද යකෝ ඔච්චර වෙලාසනිං එන්නේ.. "
" අපිට නෑනෙ ඔය පරක්කු වෙලා එන පුරුදු.. හැමදාම වෙලාසන වැඩ.. නැද්ද ඔවේනෙයා.. "

" ඇත්ත ඇත්ත.. මේ කෝ.. අනික් උං.. "

" උං අන්න අරෙහේ.. ලැවෙන්ඩර් හෝල් එක අරින්න ගියා බං.. security කොහේ ගිහිල්ලද දන්නෑ.. මුංලගෙ ඉස්කෝලෙ ඔහොම්මමයි බං... "

ඩේසි මල (Daisies)  🌼 (Sinhala GL Story)Where stories live. Discover now