01 කොටස

116 12 2
                                    

"මදහාස පානා
බසයේ රියදුරු මහතා
කොන්දොස්තර මාමා
පාරෙ හාද පානා-"

"මේ විශේෂ නිවේදනයයි..

සියලුම ලමුන් සහ ගුරු මහත්ම මහත්මීන් තම නිවාස වලට හැකි ඉක්මනින් පැමිණෙන්න...
රාවණ් නිවාසය...සල් ගහ අසල
ගැමුණු නිවාසය...නර්ථන කාමරය අසල..
විජය නිවාසය...ජිම් එක ඇතුලත...
කාශ්‍යප නිවාසය... හය ශ්‍රේණිය ගොඩනැගිල්ල අසල...

මෙන්න එම නිවේදනය නැවතත්

සියලුම ලමුන් සහ ගුරු මහත්ම මහත්මීන් තම නිවාස වලට හැකි ඉක්මනින් පැමිණෙන්න...
රාවණ් නිවාසය...සල් ගහ අසල
ගැමුණු නිවාසය...නර්ථන කාමරය අසල..
විජය නිවාසය...ජිම් එක ඇතුලත
කාශ්‍යප නිවාසය... හය ශ්‍රේණිය ගොඩනැගිල්ල අසල...
ස්තූතියි.."

"ඔන්න ස්පෝට් මීට් භීෂණේ පටන් අරන් මචන්..."

අපි හිටියේ 10G පන්තියේ මගෙයි තුශිනිගෙයි පන්තිය 10A අපි තව ටික දවසකින් 11 වසරට යනවා අපිට එක්සෑම් ඉවර නිසා අපි හැමෝම හිටියෙ හෙන චිල් එකේ මුකුත් වැඩක් කරන්නත් නෑ ලකුණු දීලත් ඉවර නිසා දැන් තිබ්බෙ parents meeting එක තියන්න විතරයි

"අයියෝ ඔව් මෙතා දැන් උබලා අපි එක්ක තරහ වෙයි අපි උබල එක්ක තරහ වෙයි.."

මන් මෙතුකිට එහෙම කිව්වේ අපේ සෙට් එකේ හයක් හිටියා මම, මෙතුකි, එසඳි, කශ්මි,මෙනිදි,චෙනිත්මා අපි හය දෙනා ගෙන් මමයි චෙනිත්මයි රාවණ් හවුස් එකේ මෙතුකියි මෙනිදියි තව හවුස් එකක කශ්මි තව හවුස් එකක එසඳි තවත් හවුස් එකක

"පිස්සුද කුඩු නෝනා අයි ලව් යූ නේ ඒ නිසා ඩෝන්ටා වොරියා හරිත.."

"ඤැයි ඤැයි තමා පිස්සු පක්කු තෙපි"

"මේ යමන් නේ බන් ඒ ආදි අඩෝ යමුකෝ මේ උබලා පලයන් උබලගෙ හවුසස් වලටා යමන් ආදි යන්න.."

එක පාරටම චෙනිත්මා මගෙ අතත් ඇදගෙන අරුන්ටත් කියලා සෙනිකව එතනින් චුත උනා අපි ඊට පස්සෙ සල් ගහ ගාවට ආවා අම්මටසිරි මෙතන ඉන්න සෙනඟ ගොඩ ටහි#කෙනව නේ පොක්ක මෙච්චර ලමයි ඉන්නවද යකෝ ආ ඔව් නේ ඉතින් ලමයි පන්දාහක් විතර ඉන්න ඉස්කෝලෙක අඩුම මෙතන ඉන්න එපැයි 800ක් වත් ඈ එහෙම ගත්තොත් අඩුයිනේ මචන්... ආ ඉතින් ප්‍රයිමරියේ බෙසික්කො ටික ඉන්නවනේ හරි උනුත් අයින් කරාම... පන්තියකට හතලිස් පහක් ගානෙවත් දාලා හතලිස් පහ වරක් හය නේ...එක සෙස්සන් එකකට 270ක් වත් ගමු එතකොට දෙසිය හැත්තෑව වරක් පහා...1300ක් වගේ එනවා නේ ඇම්මට සිරී ඇඤේ තව දුරට මේක හදන්න බෑ මගේ මොලේ මඤ්ඤං වෙනවා..

_නොනිමි_Where stories live. Discover now