05 කොටස

95 12 1
                                    

වටේම එලියයිත් තෙක්ක පොඩ්ඩ්ක් ඉන්න මට මොනා හරි අමතක උනා වගේ..... ටහුඩු ඉස්කෝලෙ යන්නැද්ද අයියෝ ඉස්කෝලේ යන්ඩෝනේ අනේ ඒ අස්සේ මෙ චු ගිහින් ලබ්බක් උනා නේ
මම ඔරලෝසුව ඉස්සරහම තිබ්බත් වෙලාවවත් බලන්නැතුව අලි පුපා වගේ ටවල් එක අරන් වොශෲම් එකට සනිකව දුවන්න ගිහින් ඇද රෙද්ද පැටලිලා දඩබඩාස් ගාලා ඔක්කොම පෙරලන් වැටුනා... අම්නේව් මගේ කොන්ද...
කවුරු හරි එන්න කලින් නැගිටලා මන් ආයෙත් දුවල ගිහින් බාතෲම් එකේ දොර වහලා ඇඳුම් ටික ගලෝලා වොශින් මැෂින් එකට එබුවා.... දත් මැද මැද ඉන්න වෙලා නැතුවැති කියල හිතල සවර් එක ඇරලා කටට ටූත්පේස්ට් ටිකක් දාගෙන ඒ ටික හපල ඇඟිල්ලෙන් දත් ටික සින් සින් ගාල මැද්දා

කවුරුත් මගේ කට කන්න එන්නෙ නෑනෙ මගේ කටේ ගඳ සුවද බලන්න සැක් රෙදි මැදලත් නැතුවැති මහ හි#කෙන සීන්ම තමා මටත් වෙන්නෙ සබන් ගගා ඉන්නත් වෙලා නෑ ඔහේ මුහ්නෙ ටිකක් උලාගන්නවා මගේ ලස්සන බලන්න ඉතින් අපේ ගෙදර ශැඩෝක තමා ඉනේ

මම ටවල් එකත් පටලවගෙන කාමරේට ඇවිල්ලා ගවුම උඩින් පහලින් අයන් කරගෙන ඉක්මන්ට ඇඳුම් ටික ඇඳලා එක කකුලකට සපත්තුවක් දාගෙන අනිත් කකුලෙ මේස් එක අදින ගමන් ආච්චිට ගිරිය පලන් කෑ ගැහුවා

"ආච්චා!!!!! ආච්චියෝඕඕඕ"

මේ දවස් දෙක තුනකට අපේ ගෙදර ආපු ආච්චිටවත් මම ඉන්න දෙන්නෑ ඉතිම්... මම සපත්තුව අතට ගන්නවත් එක්කම අච්චි යක්සාවේස වෙලා වගේ මගේ කාමරේට කඩාගෙන බිඳගෙන ආවා වෑව් ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරලා සිංහ බා

"මොකද චූටි දූ කෑ ගහන්නෙ මොකද උනේ?"

"ආච්චි කෑම හැදුවද? අනේ තාත්තා නැගිටලද? තාත්තට කියන්නකො මාව ගිහින් දාන්න කියල පරක්කු වෙනවා ආච්චී දැන්ටා එලිය වැටිලා හතහමාර වෙනකොට යන්නත් ඕන"

ගාල කඩා ගත්තු හරක් දුවන් එනව වගේ මම කියෝගෙන කියෝගෙන ගියා ආච්චි එත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා අනේ ආච්චි පෝච්චියක් වගේ ඔතන හිටන් මගෙ පුකද බලන්නෙ ගිහින් තාත්තව ඇහැරවන්නකෝ ලබ්බක් කරනව නෙ ඉදන්. මන් ආච්චිට රව රව හිටියා

"චූටි දූ... ඔය මොකෝ ඇඳුම් ඇඳන් අද ඉස්කෝලෙ නෑනේ ඇයි චූටි දූම කිව්වෙ අද නෑ කියල ඉස්කෝලෙ"

_නොනිමි_Where stories live. Discover now