17 කොටස

59 10 6
                                    

"අපේ ඉස්කෝලෙ හරිද අක්ක කෙනෙක් ඉන්නවා"

"ඔව් ඉතින් උබලගෙ ඉස්කෝලෙ අයියල නෑ නෙ බාලිකා පාසලක්නේ අක්කල නංගිලා තමා ඉන්නෙ"

"අනෙ අහපන් වු*තො"

"නරක වචන කියන්න එපා ආදි මන් අම්මට කියනව හරිත ඔයා නරක වචන කියනව කියලා"

මන් මූන උල් කරන් ඇස් දෙක හීනි කරන් ආවි දිහා බලන් හිටියා අනේ පම්#යා මට කියන්න දෙන්නෙත් නෑ

"මේමයි හරිද ඒ අක්කා මට වඩා අවුරුද්දක් වැඩිමල් අපේ හවුස් එකේ මයි මට එයාව මුලින්ම හම්බුනෙ ඉස්කෝලෙ හවුසස් වලට මීටින් එකක් තිබුනා ඒකෙදි එයාගෙ නම සිතුමිණී හරිද"

"හරි උබ ඒකිට ලව් නේ"

"අනේ මැදින් පයින්න එපා හු- ම්මොකක්"

"ඔව් මන් දන්නවා"

"ම්මොනාද දන්නේ"

මන් ඇස් දෙක ලොකු කරන් බලන් හිටියා අනේ මාව සීතල වෙලා වගේ ඇඟටත් පන නෑ වගේනේ එතකොට ආවි මගේ අත අල්ලන් මොකක් හරි ලොකු දෙයක් කියන්න පැහැදිලි කරනවා වගේ මගේ පැත්තට ලං උනා

"ආදි.. මන් උබව දන්නෙ මන් ඉපදුන දවසෙ ඉදන්... උබ මට මගේ අක්කා..මම ජනවාරි වල ඉපදුන දවසෙක් ඉදන් අපි දෙන්න එකට හිටියේ.. උබ මන් ගැන, මන් උබ ගැන නොදන්න දෙයක් නැති තරන්.. එහෙව් එකේ ආදි මට උබ ගැන කිසි දෙයක් තේරෙන්නෑ කියලද හිතන්නෙ... මන් උබ දෙයක් කියන්න තියෙනව කියල කිව්වම හිතුවෙ කොල්ලෙක් කියලා... දැන් මට හරියට කියපන්කො මුල ඉදන් විස්තරේ.."

මන් බිම බලන් හිටියා අනේ මට

"මන් ඒකිට ලව් නැහැ...ඒකීයි මට ලව්"

"උබ මුල ඉදන් කියපන්කො"

"කොහොම හරි මේකි ක්‍රිකට් කරනව හරිද ඉතින් මේකි මට ක්‍රිකට් වලට එන්න කිව්වා.. මේකි තමා උන්ගෙ වයසෙ ග්‍රේඩ් කැප්ටන් මන් අපේ එකේ ඉතින් අපි වැඩ වලට ඒම ගොඩක් එකට හිටියා.."

"හ්ම් හ්ම්"

"මන් ක්‍රිකට් ගහන්න කොහොමත් ආසාවෙන් නෙ හිටියෙ අයියත් ගහන නිසා.. මන් ඉතින් ගියා සර්ත් මාව හොඳට පිලිගත්තා මන් හොඳට ප්ලේ කරපු නිසා.. පෙබරවාරි දා හතර... මෙයා මට ලොකු චොකලට් බොක්ස් එකක් දුන්නා අර ෆ්‍රිජ් එකේ තියෙනවා ගොඩක්...ඉ-"

_නොනිමි_Onde histórias criam vida. Descubra agora