ᴄʜᴀᴘᴛᴇʀ 01 🦋

12 2 6
                                    

𝕌𝕟𝕗𝕠𝕣𝕘𝕖𝕥𝕥𝕒𝕓𝕝𝕖 𝕃𝕠𝕧𝕖

ᴄʜᴀᴘᴛᴇʀ 01 🦋

සූහී අදත් මහ පාන්දර නින්දෙන් බය වෙලා ඇහැරුණේ වෙනදාට දකින සුපුරුදු වගේම භයංකර හීනේ අදත් දැක්ක නිසා...නළල පුරා ම වගේ ම , නළල දෙපැත්තෙන් වැක්කෙරෙන දාඩිය බිංදු කිහිපය පොරවනයේ කොනකින් පිහදාලා , ඇඳ ළඟ තිබ්බ පොඩි Lamp එකත් දාලා , වතුර ජෝගුවෙන් වීදුරුවක් දාගෙන බීලා ඉවර කළේ එක හුස්මට...

" හැමදාම වගේ මොනවාද මට මේ පේන හීන...?? වේ ඒ හැම වෙලාවක ම මට මාව මැරෙනවා වගේ හැඟීමක් දැනෙන්නේ ඇයි...?? 🥺💔 කවුද ඒ මාත් එක්ක ඉන්න පිරිමි කෙනා...?? වේ එයාගේ මූණ පැහැදිලිව පේන්නේ නැත්තේ...?? 😩 "

තනියම එහෙම කියවන ගමන් කෙල්ල කල්පනා කළේ එයාට හැමදාම පේන විකාර හීනේ ගැන...කල්පනා කර කර ඉඳලා පැයක් එකහමාරක් වගේ යද්දි කෙල්ලට හැමදාම වගේ නොදැනිම නින්ද ගියා...

.






.

" පාර්ක් සූහී...තමුන් අද එනවාද යන්න...?? අපි යුනි එකට යන්නත් ඕනේ...නැත්තම් බස් එක අපිව දාලා යයි...😒 "

උදේම සූහිගේ ගෙදරට ආව සූහිගේ අතිජාත මිත්‍රරත්නය කිම් සූමින්...😄 සූහී වගේම සූමින් දෙන්නා එකම යුනි එකේ study කරන්නේ...

සූහී Business management study කරද්දි සූමින් study කරන්නේ Medical...සෝල් යුනි එකේ හැමෝම අද එයාලාගේ Annual trip එකට Camping යන්න තමා හදන්නේ...සූහී පාන්දර හීනෙන් බය වෙලා නැඟිට්ට නිසා නින්ද යද්දි පාන්දර වුණ නිසාත් , කෙල්ලට වැඩිපුර ටිකක් නින්ද ගියා...ඒ නිසා පරක්කු වෙලා...ඒකයි ඔය සූමින් කෑ ගහන්නේ...😅💔

(මේ තමා සූහී 🌝👆)

(මේ ඉන්නේ සූමින්...🌝😁👆)

" මියානේ සූමිනා...යන ගමන් කතා කරමු..දැන් යමු...🥺 "

සූහි එයාගේ බෑග් එකත් උස්සගෙන කාමරෙන් එළියට එන ගමන් එහෙම කියද්දි බිම තියලා තිබ්බ එයාගේ බෑග් එකත් සූමින් අතට ගන්න ගමන් සූහිට රැවිල්ලක් දාගෙන සූහි පස්සෙන් ගියා...දෙන්නාත් එක්ක පාරට ඇවිල්ලා බස් එකට නැඟලා යුනි එකට ගියා..වෙලාවට ඒ වෙද්දි බස් එක ගිහින් නෑ...දෙන්නාත් එක්ක ම බෑග් එක බස් එකේ ලොබි එකට දාලා එකම ළඟ ශීට් දෙකකින් වාඩි වුණා..🥹❤️

Unforgettable Love Where stories live. Discover now