ᴄʜᴀᴘᴛᴇʀ 03 🦋

6 2 7
                                    

𝕌𝕟𝕗𝕠𝕣𝕘𝕖𝕥𝕥𝕒𝕓𝕝𝕖 𝕃𝕠𝕧𝕖

ᴄʜᴀᴘᴛᴇʀ 03 🦋

ඒත් එක්ක ම එකපාරට යුංගි සුලී කුමරියගේ කකුලක් අල්ලලා එයා ළඟට ගද්දි සුලී බය වුණා....

" කුමක්ද ඔබතුමා කරන්න යන්නේ..? ක්..කුම...රු.නි...😥💔 "

" බිය වන්න අවශ්‍ය නෑ...ඔබේ පාදයේ දණහිස තුවාල වෙලා..පිරිසිදු කර ප්‍රතිකාර නොකළහොත් විෂබීජ නිසා ආසාදනය වන්නට පුළුවන්.."

යුංගි එහෙම කියන ගමන් සුලීගේ සේද ගවුමෙ කොනකින් අල්ලද්දි ම වගෙ සුලී යුංගිගේ අත උඩින් අත තියලා නතර කළා..එහෙම්මම සුලී එයාම ගවුමේ කෙලවර දණිස්ස දක්වා ඉවත් කරලා යුංගිට ඉඩහසර දුන්නේ තුවාලෙට ප්‍රතිකාර කරන්න..දෙතුන් වතාවක් සුලී ගැස්සෙද්දි යුංගි සුලී දිහා බලන ගමන් සෙමෙන් වගේ ම පරිස්සමට තුවාලය පිරිසිදු කරලා , බෙහෙත් ගැල්වුවා...ඒ සෑම වතාවක ම සුලීගේ ඇස් කුමරුගේ ඇස් එක්ක ගැටෙද්දි කවදාවත් නොවුණු අයුරින් දෙදෙනාගේ ම හදවත්වල ගැස්ම වැඩි වුණා වගේ ම දෙදෙනා ම එයාලාගේ ම ලෝකෙක අතරමං වෙන්න වුණා...

ඇස් කතා කරනවා කිව්වාට විශ්වාස කරනවාද...?? 🫣 ඔව් ඔව්...ඇස්වලට පුළුවන් ,, වචනෙන් නොකියන ගොඩක් දේවල් හරි ලස්සනට මනසින් විඳින්න...යුංගි කුමරු පිටතින් කොච්චර සීතල චරිතයක් වුණත් සුලී දැක්කේ ඇතුළාන්තයේ ඉන්න ආදරණීය චරිතය...‍කුමරු බෙහෙත් ගල්වන තුරු ම සුලී කුමරියගේ ඇස් නම් විටෙන් විට , හොරෙන් හොරෙන් ම රැඳුණේ කුමරුගේ ඒ තේජාන්විත රුව අභියස...🤭

.













.













.

දින කිහිපයක් ම සුලීව අහම්බෙන් වගේ නමුත් යුංගිට මුණ ගැහුණා...ඒ දින කිහිපයට යුංගිගේ සමහර ගති පැවතුම් පවා වෙනස් වුණා...වෙනදාට මාලිගයේ තමන්ගේ කුටියට වෙලා ම ඉන්න කැමති යුංගි එළිමහනේ ක්‍රීඩාවලට යොමු වුණා...කඩු ශිල්ප , දුනු තරඟ වගේ ම නිතර නිතර හන්යාන් නගරේ ඇවිදින්න හුරු වුණා..ඒ වගේ ම ඉඳහිටවත් හිනා වෙන්නැති යුංගිගේ මූණේ හරි ලස්සන හිනාවක් තිබුණා...🥹 යුංගි කුමරුට ඕනේ වුණා හැමදාම සුලී කුමරිය ව මුණ ගැහෙන්න...ඒ වගේ ම සුලීත් කවදාවත් නැති විදිහට තැන්පත් වෙලා...හැමදාම යුංගි ව දකින්න ඕනේ කියන ආසාව එයාගේ හිතෙත් තදින් ම වැඩ කළා...ඒක නිසා ම දෙන්නා නිස්කලංක වගේ ම නිදහස් තැනක් තියාගත්තා එයාලාට ම හම්බෙන්න...කවුරුත් නොදන්න තැනක්...🥹

Unforgettable Love Where stories live. Discover now