ᴄʜᴀᴘᴛᴇʀ 05 🦋

4 2 0
                                    

𝕌𝕟𝕗𝕠𝕣𝕘𝕖𝕥𝕥𝕒𝕓𝕝𝕖 𝕃𝕠𝕧𝕖

ᴄʜᴀᴘᴛᴇʀ 05 🦋




උදේම යුංගි ලෑස්ති වෙලා සූහීටත් එක්ක කෑමත් අරන් ආවේ සූහීගේ කිසුක්සා එකට...යුංගි කිසුක්සා එක ළඟට එද්දි දැක්කේ කිසුක්සා එකේ දොර භාගෙට ඇරලා තියෙනවා...යුංගි ඉක්මනට දොර තල්ලු කරගෙන ඇතුළට දිව්වේ සූහී හොඳින්ද බලන්න....

යුංගි ඇතුළට යද්දි ම දැක්කේ............................

.















.


පසු දා උදෑසනම සූහීගේ නිවස අසලට ජන්කූක්ව එවලා තිබ්බා...ජන්කූක් එක්ක ම මාලිගාවට එද්දි සූහි එයා ම හදපු කැවිලි කිහිපයක් ඇසුරුම් කරගත්තේ රජතුමා මුණගැහෙන්න යන පළවෙනි වතාවේ ම හිස් අතින් යන්න බැරි නිසා....

සුලී කුමරිය ජන්කූක් එක්ක ම මාලිගාවට ඇතුළට ඇවිත් මාලිගාවේ ප්‍රධාන මාලිගාවට යන ගමන් හිටියේ...ඒ අතරේ දෙන්නාට ඉස්සරහට මුණගැහුණේ අගබිසව ව....ජන්කූක් ඈත තියා ම අගබිසව එයාලාව දැක්කා කියලා දැනෙද්දි සුලීට ඒ ගැන දැනුම් දුන්නා...

" කුමරියනි...අගබිසව..."

" ඔහ්...කොහෙද..?? 😐 "

" ඉදිරියෙන්...🙂 "

ජන්කූක් එහෙම කියද්දි තමා සුලී දැක්කේ පාලිකාවන් සහ සේවිකාවන් පිරිවරාගෙන එයාලා ඉස්සරහට එන මැදි වයසේ වගේ කාන්තාවක් ව....අගබිසව ළඟට එද්දි ජන්කූක් වගේ ම සුලී කුමරියත් ආචාර කළේ අගබිසව හිසේ සිට පාදාන්තයට යනකම් සුලී දිහා දෙතුන් වතාවක් විමසිල්ලෙන් බලද්දි වගේ...

" කවුරුන්ද මැය..?? මාලිගාවට අලුත් වගේ...😏"

ජන්කූක් දිහාට සමච්චල් බැල්මක් දාන ගමන් අගබිසව එහෙම ඇහුවා...

" අගබිසවුණි ඇය-............................."

ඉතුරු ටික ජන්කූක්ට කියන්න ලැබුණේ නෑ...

" ජන්කූක්...ඇය ව ප්‍රධාන ශාලාවට කැඳවන් යන්න...රජතුමා ඇය අපේක්ෂාවෙන් එහි රැඳී සිටිනවා...😒 "

යුංගි එකපාරට එහෙම කියාගෙන එද්දි ජන්කූක් වගේ ම සුලී යුංගිට ආචාර කරලා එතනින් පිටත් වුණා...සුලී කුමරිය එතනින් ගියත් වෙන්නේ මොනවාද කියලා තාම ඇය ඉන්නේ කුතුහලයෙන්......

Unforgettable Love Unde poveștirile trăiesc. Descoperă acum