ᴄʜᴀᴘᴛᴇʀ 04 🦋

4 2 0
                                    

𝕌𝕟𝕗𝕠𝕣𝕘𝕖𝕥𝕥𝕒𝕓𝕝𝕖 𝕃𝕠𝕧𝕖



ᴄʜᴀᴘᴛᴇʀ 04 🦋




විනාඩි කිහිපයක් යද්දි දොර ඇරෙද්දි ම යුංගි ව දැකපු සූහි ගල් වෙලා වගේ ඇ ස්  දෙකත් බෝල කරගෙන බලාගෙන හිටියේ කටත් ඇරගෙන....😅💔

" Surprise..!!!! 😄🥳 "




අත් දෙකත් දෙපැත්තට විහිදුවන ගමන් ලස්සන හිනාවත් එක්ක යුංගි එහෙම කියද්දි , සූහීගේ ඇස්වලට ඉබේම කඳුළු ආවේ කෙල්ලට සතුට වැඩිකමට...එකපාරට යුංගිට හිතන්නවත් වෙලාවක් නොදී පැනපු ගමන් සූහී යුංගි ව තද කරලා බදාගද්දි යුංගිට බැලන්ස් නැතුව ගියත් , කොහොම හරි බැලන්ස් කරගත්තේ වැටෙන්න නොදී...යුංගිටත් සතුටුයි වගේ ම හිනා ඉතිං මේ කෙල්ලගේ පොඩි බබෙක්ගේ වගේ වැඩවලට නම්...😅❤️

" ඔප්පා..මම හිතුවේ ඔයා විහිළුවට එනවා කිව්වා කියලා...🥺 කොහොමද දන්නේ මම ඉන්න තැන...?? 🥺 "

සූහී යුංගිව බදාගෙන ඉන්න ගමන් ම එහෙම අහන ගමන් යුංගිගේ පපුව අස්සේ ඔබන් හිටපු ඔළුව ටිකක් උස්සලා බැලුවේ යුංගි දිහා....යුංගි සූහීගේ ඔළුව අත ගාණ ගමන් සූහී දිහා බලලා පොඩි හිනාවක් දැම්මා...

" මගේ මේ princess ගැන හැමදේම මම හොයලා තියෙන්නේ...ඔයා ඉන්න තැන , යන එන තැන් පවා...මේ වතාවේ මට ඔයා ව නැති කරගන්න ඕනේ නෑ සූහීයා...🥺 "

යුංගි , සූහීව ආපහු හෙමීට එයාගේ පපුවට තුරුල් කරගන්න ගමන් එහෙම කියලා තුරුල් කරන් ටික වෙලාවක් හිටියා...සූහිටත් ඕනේ වුණේ කාලෙකින් හම්බුණ නිසා යුංගිට තුරුල් වෙලා ඉන්න...

එහෙම ඉන්න ගමන් යුංගි සූහීගේ ඔළුව අත ගාද්දි සූහී යුංගිගේ බඳ වටේම අත් දෙක පටලලා තද කරලා බදාගෙන , පපුවට  ඔළුව තියාගෙන හිටියේ...ඒ අතරේ එකපාරට සූහී දැක්කා කොනේ කණුවක් ළඟ ඉඳන් කවුරුහරි එයාලා දිහා ම බලන් ඉන්නවා...සූහී ඒ දිහා බලනවත් එක්ක ම ඒ කෙනා එතනින් එහාට වෙනවාත් සූහී දැක්කා...ඒත් ඒ කවුද කියලා සූහී පැහැදිලිව දැක්කේ නෑ..ඒ වගේ ම ඒ කෙනා කළු mask එකක් දාන් හිටිය නිසා සූහීට සැක හිතුණේ...

" ඔප්පා අපි ඇතුළට යමුද..?? "

සූහී එහෙම කියපු නිසා සූහී එක්ක ම යුංගිත් සූහීගේ කිසුක්සා එක ඇතුළට ගියේ යුංගි ගෙනාව මලු ටිකත් එහෙම අරගෙන...

Unforgettable Love Where stories live. Discover now