කන්නාඩියෙන් පේන මගෙම රූපේ දිහා මන් බලන් හිටියේ වෙන කවදාටත් වඩා සතුටින්ය. පොඩි බේබි අරන් දුන්නු කන්නාඩි කුට්ටම මටම හරි ගස්සපු දෙකක් වගේ. එහෙන්ම ඇදුම් මාරු කරපු මන් චූටියගේ ඇදුමත් අයින් කරලා එයාට සැහැල්ලු කලිසම් කොටයක් ඇන්දුවත් හරි එයා කකා හිටපු එකත් නතර කරලා මට මොන මොනවදෝ කියන්න හදනවා.
" ආ ති .... "
එයා කියන දේ නොතේරුනත් මන් එයාගේ අතේ තිබ්බ චීස් කැටෙන් කෑල්ලක් කෑවේ චූටි ඇගිල්ලකුත් සූප්පු කරගෙනමය. පොඩි බේබිගේම කපාපු පලුව. කොල්ලගේ කොන්ඩෙත් බෙල්ල ගාවට දිගයි. පොඩි බේබිගේ අම්මයි ලොකු හමුයි දෙන්නම ඇයි දන්නෑ මේ හුරතලේටම වෙනස් කම් කරන්නේ. මයෙ ඔක්කෙන් බැහැපු චූටියා මයෙ කාමරේට එයා ගෙනත් දාපු එයාගෙම සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරන්න ගත්තේ මාවත් අඩ ගහගෙනමය.
" කොල්ලෝ කොල්ලෝ පුතේ ඩිංගිත්තකට එළියට වරෙන්කො "
" ඉන්න නැන්දේ එන්නා ම් "
කමනි නැන්දා දොර ළගට වෙලා අඩ ගහපු නිසා පැටියවත් මෙතැන ම දාලා කාමරෙන් එලියට ආවා.
" අනේ පුතේ උබට මේ අපේ ගෙදර ඩිංගිත්තකට ගොහින් එන්න බැරිද. මයෙ කොල්ලා තනියම ඉන්නේ. එකාට මේ බත් පාර්සලේයි කැවිලි ටිකයි දෙන්න හැකිද. අපේ ගුනේ ලොකු හාමුත් එක්කලා ගමනක් ගොහින් නොවැ "
" ආ හා හරි නැන්දේ මන් ගිහිල්ලා දෙන්නම් කෝ. "
අම්මෝ කමනි නැන්දාගේ පාර්සලේ සුවද. කෙසෙල් කොළේ ඔතපු බත් එකක් වගේ. නුරාදත් එක්කලා පොඩි බේබිගේ කාමරේට යන්න ගියත් මන් දැක්කේ සාලේ පුරාවටම ඉන්න පිරිස.
" ආ ති ති "
කොල්ලා කෑ ගහගෙන මගෙ අතත් අතැරලා පොඩි බේබිගේ අම්මා කියලා හිතන්න පුළුවන් ගෑණු කෙනා ළගට දුවන්න ගියත් පොඩි බේබි ඉක්මනින්ම පොඩ්ඩව උස්ස ගත්තත් හරි අර ගෑණු කෙනා කෑ ගහන්න පටන් ගත්තා.
" පොඩි එකා තාම ගොතයි නේ චූටි පුතා. මේ රට කොල්ලා නම් චූටිගේ යාළුවෙක් වෙන්නැති නේද "
" අම්මේ මේ අප්පච්චිට උදව් කරන්න ආපු කොල්ලෙක්. නිලූෂ "
" ආ වැඩකාර කොලුවෙක් මොකෑ මේ සාලේ ක.......... "
YOU ARE READING
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -