" අලේ අප්පත්ති බාන්නකු පතියදේ කාසම ඉලුනා කීලා අලයා හූ කීනෝනේ. එලාත දන්ම දෝ අලින්ත කියන්ත අප්පත්ති.... "
" හරි මා පුතා ඔය පොල්ල ඉස්සල්ලම අප්පච්චිට දෙන්නකෝ රන් කද. ගින්දර එක්ක සෙල්ලම් කරන්න හොද නෑ පැටියෝ. කෝ දෙන්න ඕක මෙහාට්ට වස්තු සුදා මයේ. අප්පච්චිගේ රත්තරන් නේ.... "
" නා නා අප්පත්ති. මන් අලයදේ ඔඋව පුත්තලාම තමා මේත ඔලාත දෙන්නේ. දන් තද්ද කලන්තතුව ඉන්තකු ඕම. කෝ වලාවේ හලි දොල අලන් එයි නේ හිපාතුවා. දෙන්තම් මන් ඔඋව පුපුලන්ත හුද පාලත් "
කමනි නැන්දට හොරෙන් අපේකා ගිනි පොල්ලකුත් උස්සන් ඉන්නවා දෙනුවන් ගේ කාමරේ ඉස්සරහා කිසිම සද්දයක් බද්දයක් නැතුව. ඒකත් මන් කාමරේ පැත්තට යද්දි දැක්කේ. මේකා මේ ගිනි පොල්ලෙන් අත පුච්ච ගත්තොත් නම් මාර වින්හැයියක් තමයි වෙන්නේ. මේ වේලාවෙ හැටියට සැර දාලා බය කරන්නත් බෑ. කොල්ලගේ කලිසම කිව්වත් වගේ ඇත්තටම ඉරිලා එයාගේ චූටි පැටියත් පේන තරම. කොහොම එතැන ඉරුනද දන්නෑ.
" හරි හරි දැන් අයියා අර ජනේලෙන් පැනලා පැටියගේ ආස්කීම් එක කාලා දායි ඔන්න. ශීත බබා අස්සේ ඕන් සීයා දවල් ගෙනාව ආසකීම් පෙට්ටියක් තියෙනවා. ඕක අප්පච්චිට දීලා කෝ ඉක්මනින් කන්න යන්න දැන් අයියා ඒක ගන්න කලින්ම "
කොල්ලගේ මූණට ඉබේටම ආවේ හිනාවක් වෙද්දී පොල්ල මයෙ අතට දීලා දිව්වේ කුස්සියේ පැත්තට.
" ඒයි ඔහොම කනවද පෙරේත පැටියෙක් වගේ. ඉන්න අප්පච්චි කොප්පෙකට දාලා දෙන්න "
" ආපු තෝප්ප අපා අප්පත්ති. එලා පුදීනේ පතියත ආ.....අප්පත්ති "
අයිස්ක්රීම් පෙට්ටියට තඩි හැන්දකුත් දාන් යන්න හදද්දී මන් ඒක අරන් ටිකක් ලොකු කෝප්පයක් පිරෙන්න පුරවලා දුන්නේ අයිස්ක්රීම් කෝප්පේ.
හෙට නුරාදගේ පෙර පාසලේ අපිට කෑම වේල නිසා ඉස්කෝලේ ඇරපු හැටියේ බඩු ටිකකුත් අරන් ආවේ මහ වලව්වට. පොඩි ළමයි විසිපස් දෙනයි ටීචලා දෙන්නයි. කිරට මාළුයි අල බැදුමයි තිත් බටු මැල්ලුමයි පරිප්පු තෙල් දාලයි කහ බතුයි පපඩමුයි. අතුරුපසට ගස්ලබු.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -