හතලිස්පස්වැනි කොටහා

966 100 9
                                    










" වාඩි වෙන්න පස් දෙනාම "



මේක වෙන්නේ කොහොමද. ඒ මහත්තයා කොහොමද මේකේ සර් වෙන්නේ. මට හිතා ගන්න බෑ. ආවත් හරි මන් දිහා බැලුවේ එක පාරයි. ඉන්නෙත් අදුරන්නෑ වගේනේ. නැත්තම් මහත්තයා වගේම කෙනෙක්ද දන්නෑ. එක වගේම අය හත් දෙනෙක් ඉන්නවා කියනවානෙ. මට තාම මතකයි ඒ මහත්තයව. එයානේ අනාථ නිවාසේ මන් රස්සාවක් හොය හොයා ඉද්දි මට මේ වලව්වේ තේ වත්තෙ වැඩට යන්නයි කියපු මහත්තයා. එදා අපි වෙනුවෙන් කෑම වේලක් දීපු මැඩම් අදුරනවයි කියපු මහත්තයා. එක්කෝ එයාට මන් අමතක ඇති. දැන් ඉතින් කොච්චර කාලයක්ද









" සොරි මීට කලින් හම්බෙන්න එන්න බැරි වුණාට. මන් ප්‍රනාන්දු . ප්‍රනාන්දු කමල් දිසා සේකර . මන් තමයි දැන් මෙහෙ ඉන්න අපරාදභාර විමර්ශන බුද්ධිඅංශෙ ස්ථානාධි පති. කලින් වැඩ කරේ කොළඹ. දැන් මාස දෙක තුනකට කලින් තමයි මන් මෙහෙට වැඩ භාර ගන්න ආවේ. මන් හිතනවා ඔය පස් දෙනත් මාත් එක්ක හොදට වැඩ ටික කරගෙන යයි කියලා. රන්දුනුයි ගයානුයි දෙන්නා ඔය පස් දෙනාටම කියන්න ඇතිනෙ අපි වැඩ කරන්නේ ඕනී පිළිවෙල ගැන නේද..... ආ.. "






" ලොකු සර් නම් ගොඩක් සැර පාටයි වගේ නේද බන්. ටිකක්‌ වයස වුණාට මොකද හොද මොළ කාරයෙක් වගේ පේන්නෙ. කොළඹ ලොක්කෙක් නිසා හෙනම ආඩම්බරෙන් වගේනේ ඉන්නෙ. ඒ සරුත් බැදලා. දැක්කේ නෑ අතේ මගුල් මුද්ද දිලිසි දිලිසි තිබ්බ විදිහ. උබ මන් කියන දේ අහගෙනද ඉන්නෙ.. ඒයි නිලුවෝ.. "








" ආව් හු.. පිස්සුද බන් ඔහොම ගහන්නේ.. හැබැයි තොට කොල්ලෙක් හොයලා දෙන්නෑ හරී... "




මන් මග දිගේ එන ගමන් කල්පනා කරේ ප්‍රනාන්දු සර් ගැන වෙද්දී මේකා මට දවල් තරු පේන්න ඔළුවට ගැහැව්වා.






" උබ මෙතැනින් පලයන්. මන් කඩේට යනවා පැටියට මොනා හරි ගන්න. "






" මාත් එන්නම් කො අහ් නිලූ..ෂ පිස්සුද අයිසේ තමුසෙට ආ....... ඇස් දෙක අරකෙ ගහගෙනද ඕයී පාරේ යන්නෙ. තොගේ අප්පගේ පාරද මේක. තව පොඩ්ඩෙන් ඔහේගේ බඩි කුඩිත්තුවට අහුවෙලා මැරෙනවා අයිසේ මන්. පුදුම විසයක් නෙ ඉහේ ඉදලා යටිපතුලටම වෙනකම් ගහලා තියෙන්නේ ඔහේට. මගෙ දිහා ගෙවල පෙරේතයෙක් වගේ බලන් ඉන්න හැටි විතරක් මෙතැන . මෙතන පාර නොවුනා නම් මන් උබව මරලා හංගන්නවා ගුබ්බෑයක. දන්නවද මන් කවුද කියලා ආ..... මන් අපරා... න් මේ මන් වැදගත් රස්සාවක්‌ කරන උගත් මනුස්සයෙක්. එතකොට මගෙ යාලුවා. එයත් එහෙමයි. තමුසේ අපි එ...."






අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )Where stories live. Discover now