අසූනමවැනි කොටහා

1.1K 89 21
                                    

" සමාවෙන්න මහත්තයා ඔයාට ඇතුළට යන්ඩ බෑ.. ඊළග එන්න ඉක්මනට "

" ඒවුනාට පොඩ්ඩක් ඉන්න. අපෙ මල්ලි ඉන්නවා මේකේ  ම්..."

" කිව්වහම තේරුම් ගන්නවා . ඔයාව මේකේ ඇතුළට ගන්න බෑ. මෙහෙම ලකුණු කරපු අයව මේ වගේ උත්සව වලට ගන්න බෑ. අපේ රස්සාවත් ගහලා යනවා ඔයාලව ඇතුළට ගත්තොත් "








මන් හැදුනුම්පත පෙන්නලා ඇතුළට ආවත් ඇහුණු දේවල් එක්ක මන් ආයේ ඉක්මනට ආවේ ලොකු ගේට්ටුව ළගට. මයෙ අනූගේ මුළු මූණම රතු වෙලා මන් එද්දි . රාහුල් එක්ක අනූට එන්ඩ කියලා මන් ඉක්මනට එන්න හැදුවේ අනූගේ මල්ලිව හම්බෙන්න කියලා. එයාගේ අද උපාධි ප්‍රදාන උත්සවේ නිසා .



" ආන් අප්පත්ති එනෝ හලු "

අනූ එතන බැම්මේ ඉදන් ඔලුව අත් දෙකින්ම බදන් ඉද්දි රාහු අනූගේ අතත් හොලවලා පෙන්නුවේ ළගට ආපු මාව.




" මට එයාලා යන්න දෙන්නේ නෑ අප්පච්චි. මට මල්ලිව බලන්න යන්ඩ වෙන්නෑ "


" හරි හරි මැණික. හිත කලබල කර ගන්නේ ඇයි ආ... මන් ගිහිල්ලා මල්ලිව බලලා ඉක්මනට එන්නම් මයෙ අනූ ළගට ම්....... "

මන් එහෙම කියද්දී එයාගේ ඇස් වලින් කදුළු එන්න ආවත් එයා එක ළග එක ඇහි පිල්ලම් ගොඩකුත් ගහලා එයාගේ අතේ තිබ්බ රතු පාටට කතිරේ ගහපු හැදුනුම්පත කලිසම් සාක්කුවට දා ගත්තා.



" ඉක්මනට එන්න නෙවෙයි. මයෙ අප්පච්චිට පුළුවන් නම් ඉවර වෙනකම්ම එයා ළග ඉන්නවද ම්.... අද එයාට විශේෂ දවසක්. මයෙ අයියාට එයා ළග ඉන්න පුළුවන්ද. මන් මෙතෙන්ට වෙලා බලන් ඉන්නම් "


කවුරු බලන් හිටියත් නැතත් මන් මයෙ මැණිකව තදේට බදා ගත්තා. මන් දන්නවා එයාට කෑ ගහලා අඩන්න තරම් හිතෙනවා ඇති. පපුව පැලෙන්න තරම් රිදෙනවා ඇති.






ප්‍රධාන පාතාල කල්ලි නායකයා එක්ක උගේ ගෝලොයෝ ටිකටත් එල්ලුම් ගහ නියම වුණත් අනූ හිටියේ කෝමා තත්වේ නිසා එයාට එහෙම කරේ නෑ. ඒ වෙනුවට එයාගේ හැදුනුම්පත ලකුණු කලා රතු කතිරෙන්. සමාජයේ කිසිම පිළි ගැනීමක් නැති එල්ලුම් ගහෙන් නිදහස් වෙච්ච අපරාදකාරයෙක් විදිහට ලේබලේ දීමෙන්. මේ වගේ අය ගොඩක් වෙලාවට සියදිවි හානි කර ගන්න ප්‍රවානතාවේ වැඩි. ඒ නිසා තමයි මට අනූ ගැන මෙච්චර බය. සායන වලට එක්ක ගිහින් ප්‍රතිකාර කරාට මට තාම හරි බයයි අනූ ගැන. එයා එයාගේ සතුට පිටට පෙන්නුවත් දුක කියන එක අංශුමාත්‍රයක්‌ වත් පිටට පෙන්නන් නැතුව අමාරුවෙන් හරි හිනා වෙලා ඉන්න කෙනෙක්. දැන් වුණත් එයා මට බොරුවට හිනා වෙලා කිව්වේ මල්ලි ළගට යන්න කියලා. කොහොමද මන් එහෙම යන්නෙ. මට හරි බයයි යන්න. මේ වගේ දේවල් වලින් ආයේ පරණ මතක ඇවිස්සෙනවා. ඉතින් කොහොමද දාලා යන්නෙ.



අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )Where stories live. Discover now