ඉවරයක් නැතුව අද මහ පාන්දර ඉදන් වැස්ස. ලොකු හාමුට ආයේ වලව්වට යන්න ඕනියි කියපු නිසා උදේට කාපු අපි වලව්වට ගිහිල්ලා එහෙන්ම ගියේ එළවලු ගන්න.
" ඌල් තොප්පිය එහෙම ගලවන්න බෑ පැටියෝ හාද. චූටි අප්පච්චි අතේම ඉන්න ඕනී මන් බඩු ගන්න කම් "
මයෙ හාමු මහත්තයා පැටියගේ දැලි ගාලා තියෙන ඇහි බැමි දෙකත් වැහෙන්න තොප්පිය පාතින්ම දැම්මා.
" අයියූ අප්පත්ති.... ඕම එපානේ. තුත්තක් විතල තා උදත කලන්තකු "
" පිස්සුද නුරාද.... මයෙන් කන හරහා පාරක් කන්නැතුව කට පියාගෙන ඉන්න "
හාමු ලොකු කුඩයකුත් ඉහළ ගෙන පොළ අස්සට රිංගද්දි මාත් ලොකු කුඩේ ඉහළ ගෙන හාමු පස්සේ ගියා. හාමු බිමටත් නැවී ගෙන එළවලු තෝරනකම් පැටියයි මායි ඔහේ හිටියෙ ඈනුමුත් ඇර ඇර. පැටියට නම් මොකද ඉතින් මයෙ උරපත්තේ ඔලුවත් තියන් එක අතකින් මයෙ පපුවත් පහුරු ගගා ඉන්නවා.
" තූති අප්පත්ති.... ආසකීම් එතත් පැතියත අලන් දෙන්තකු.... "
" යද්දි චූටි අප්පච්චි පැටියට රස අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නම්කෝ හාද "
" මදෙ හොත තූති අප්පත්ති ආතලෙයි ගුදක් මදෙ තෝත මලත "
පැටියා මයෙ මූණත් බදා ගෙන එහෙම කියලා උම්මා එකකුත් දුන්නේ මාත් ඒ චූටි කම්මුල ඉඹිද්දී.
" වැටකොළු ඇයි ගන්නේ "
" වැටකොළු කිලෝ එකම දාන්න මුදලාලි "
මටත් ඔරවපු මයෙ හාමු මහත්තයා වැටකොළු කරල් තුනක්ම දෙද්දී මට වමනෙට වගේ. සතියෙම වැටකොළු කකා ඉන්න වෙයිද දන්නෑ
" වැටකොළු පතෝල වගේ දේවල් කන්න ඕනී නිලූෂ. එතකොට තමයි ලෙඩ අඩුවෙන්නේ. කොච්චර ගුණ කෑමද මේ ඔයාලා එපා කියන්නේ ආ..... "
" හරි හරි හාමු කැමති දෙයක් ගන්න "
මහ වැස්ස නිසා හාමු අයිස්ක්‍රීම් ගන්න කොච්චර අදිමදි කරත් මන් පැටියවත් එක්කන් ගියේ අයිස්ක්‍රීම් ගන්න. දැන් කන්න එයාට අයිස්ක්‍රීම් එකකුත් අරන් ගෙදර ගිහිල්ලත් කන්න තව අයිස්ක්‍රීම් ගත්තා . හාමුයි මායි දෙන්නම රස්සා කරන නිසා හොදයි ඉතින් මේ විදිහට ඇරන් දෙන්න. පැටියත් එසේ මෙසේ දේවල් නෙවෙයි ඉල්ලන්නේ. හාමු නම් ඉල්ලන ඉල්ලන දේවල් නම් අරන් දෙන්නෑ. ඒවුනාට මට පැටියගේ මූණ දකිද්දී බෑ කියන්න බැරි කමට ඉල්ලන දේ හොදයි නම් අරන් දෙනවා. දරුවෝ වුණාම දෙමාපියන්ගෙන් ඉල්ලන්නැතිව කාගෙන් ඉල්ලන්නද
YOU ARE READING
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -