" අයියේ අවුලක් නෑ නෙ නේද ආ... ෆෑන් එක ඕන් නම් කියන්න "
" මොන ෆෑන් ද චූටි... මේ හොදයි. සනීපයි බන් ඇද නම් "
බෙඩ් ෂීට් එක පොරව ගත්තට පස්සෙ තමයි සීතළ නැති වුණේ. ඇත්තටම ශෝක් ඇද අප්පා. කාමරේ ලයිට් එක ඕෆ් කරත් ඇස් අඩ අදුරට හුරු වෙලා මුළු කාමරේම පේනවා. අම්මේ හෙට නම් දවල් වෙනකම් නිදා ගන්ඩ ඕනි මහන්සියේ බෑ.
" හොදට නිදා ගන්න එහෙනම්. ගුඩු නයිට් අයියා පැටියෝ "
" යෝ පොඩි මෑන්... ගුඩු නයිට් පැටියෝ.. "
මහන්සියටම මයෙ ඇස් හිටන් ඉක්මනට පිය විලා ගියේ ඇගත් එක්කලා සැහැල්ලු වෙද්දි .
" තූති අප්පත්ති...... ආසකීම් ඕලි "
" මේ සීතලේ එහෙම ඔය ළමයට අයිස්ක්‍රීම් අරන් දෙනවා නෙවෙයි චූටි අප්පච්චි "
හුළග. ගස් යායේ ඉදන් එන හුළග එක්කලා බංකුවක ඉදම් ඉන්ඩ මන් දැක්කේ ඈතට වගේ වෙන්ඩ පුංචි ළමයෙකුයි පිරිමි කෙනෙකුයි.
දුර හින්දා වැඩිය පේන්ඩේ නැති වුණාට කටහඩ මේ ළග ඉන්නවා වගේ හොදට ඇහෙනවා.
" මැණික පව් දෙයියනේ පැටියා. ඔන්ඩ ඔහේ අයිස්ක්‍රීම් අරන් දීලා ඉස්පිරිතාලේ ගිහිල්ලා බෙහෙත් අරන් දෙමු හෙම්බිරිස්සාවක් වත් හැදුනොත් "
" ආසකීම් කාලා බෙයිය බොන්තම් අප්පත්ති. එතෝත තමා හලි යන්තේ මත "
උස පිරිමි එක් කෙනා අයිස්ක්‍රීම් කරත්තේ ළගට යන දිහා මන් බලා ගෙන ඉද්දි මයෙ කකුලට සීතළ ක් දැනුනත් හරි මන් ඉක්මනට බැලුවේ බිම.
දෙයියනේ මන් ගැස්සුනා. හිටපු තැන නෙවෙයි දැන් ඉන්ඩේ. කිරි පාට මුහුදු රැළි මයෙ කකුලේ ඇවිදිල්ලා වැදෙද්දී මන් පස්සට වුණා.
ඒත් ටික වෙලාවකින් රැල්ල මයෙ ළගටම ඇවිල්ලා ආයේ මුහුද පැත්තට ගියේ කිරි පාට ලොකු හක් ගෙඩියක් මයෙ කකුල් දෙක ළග නතර වෙද්දී.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -