ඊයේ හරියට පාඩම් කරන්න වුනෙත් නෑ. මදැයි පාන්දර දෙකට නැගිටලා පාඩම් කරන්න කියලා හිතුවා. බැලින්නම් හාමු මහත්තයා ඒක වහලා දාලා. දැන් ඉතින් කලින් පාඩම් කරපු මතකෙයි ඊයේ පාඩම් කරලා ඉවර කර ගන්න පුළුවන් වුණු ටිකෙනුයි තමයි ලියන්න වෙන්නේ.
" උබ මොකේද ඉන්නෙ මන් 103 ශාලාවෙ බන් "
" මන් 104 "
ටික්කයි මමයි ශාලා දෙකකට වැටිලා තියෙන්නේ. අද නම් තියෙන්නේ මට මන් ආසම විෂය හැබැයි. හරියටම අටට දුන්නු පේපරේ එකොළහ වෙද්දී ඉවර කරන්න පුළුවන් වුණත් හරි මන් ඉක්මනට ආවේ එළියට.
" වැඩද බන් උබට අදත් "
" ඔව් බන් දොළහ වෙනකොට අපි එහෙ ඉන්න ඕනී. හෙට දේශනේ කීයටද තියෙන්නේ උබට "
මන් ඔහේ ඇවිදන් ආවේ ගේට්ටුව ළගට වෙනකම් ආලි එක්ක. හස්තික නැත්තම් ආලි කියන්නේ මගෙ අනිත් යාලුවා. මගෙ යාළුවො කීප දෙනෙක්ම දැන් දන්නවා මන් වැඩ කරන්නේ පොලීසියේ කියලා.
" තුනට තියෙන්නේ. ඇයි බන් "
" මේ පොත ටික්කට දීපන්කො. හෙට මට එන එක ෂුවර් නෑ ඒකයි "
ඉක්මනට යන්න ඕනී නිසා මන් නැග්ගේ එහෙන්ම බස් එකට. අපෝ කොන්දා කෑ ගහනවා දොර ළගින් මෙහාට්ට එන්න කියලා. මන් කොහොම ආයේ එහාට්ට වෙන්නද මෙතන තව කෙල්ලෝ රොත්තක් ඉද්දි. ඉන් පස්සේ උන් කිව්වොත් වත් අරහෙන් මෙහෙන් අල්ලන්න එනවා කියලා ගුටිත් කන්න තමයි වෙන්නේ මට.
" ඔය උස මලයට සිංහල තේරෙන්නැද්ද. මෙහාට්ට එන්න කිව්වම . ඇදගෙන වත් වැටුනොත් දොරෙන් එළියට අපිට ඒකටත් වග උත්තර බදින්න ඕනී "
මන් ඉතින් කෙල්ලෝ ටිකගේ අස්සට ඇවිල්ලා නයි මල්ලත් උඩට දාලා ජනේලෙන් එළියේ බලන් හිටියෙ ආයේ වටපිට වත් බලන් නැතුව. මේ වගේ වෙලාවකට තමයි රියදුරු බලපත්‍රයක් තිබ්බ නම් කියලා හිතෙන්නේ. මයෙ හාමු මහත්තයාට රෝද හතරේ එකක් තියෙන නිසා මන් රෝද දෙකෙ ලොකු බයික් එකක් ගන්නවා. එතකොට මෙහෙම චප්ප වෙවී එන්න ඕනිත් නැහැනේ.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -