( විභූති දුල්ෂේන් ඇහිලියගොඩ )
" අනේ අයියේ අපේ ගෙදර එන්න හාද. ඔයාට මගෙ කාමරෙත් දෙන්නම් 🙊"
" හරි මන් බලන්නම්කෝ චූටි ❤️"
" බලන්න එපා. එන්න කෙලින්ම මෙහාට්ට. මන් අප්පච්චිලා දෙන්නටත් කිව්වා ඔයා අපේ ගෙදර එනවා කියලා "
" මොකක් "
දෙයියනේ මේ කොල්ලා. කාර් එකේ හිටපු මන් ගැස්සිලා ගියා මගෙ ෆෝන් එකේ තිබ්බ මැසේජ් එක දැකලා.. ශාලුට මන් කියන්නේ චූටි කියලා.
ඇත්තටම භූමිලාගේ දිහාට වඩා ශාලුගේ දිහා හොදයි වගේ. භූමි ඉස්සරහ මට දැන්නෙත් අපහසුවක්.. අනික කෙල්ලෝ දෙන්නෙක් ඉන්න තැන පිට කොල්ලෙක් ඉන්න එක ප්රශ්නයක් වෙන්න පුළුවන්නේ .
මන් ආයේ බැලුවේ ෆෝන් එක.
" අපේ අප්පච්චිත් කැමති හලෝ... එහෙනම් ඔයා අපේ දිහා හොදේ.. මන් මගෙ කාමරෙත් අස්පස් කරා හොදට "
" හරි හරි එන්නම් චූටි ❤️"
එහෙ නුවර ඇකඩමි එකට අප්පච්චි මාව දාන්න හදන්නේ. අද දෙකට ළමයි බදවා ගන්නවලු. ඒක කිව්වෙ කවිත අන්කල්. ඒකත් ඊයේ රෑ . එහෙ නවතින්න මට එන්නයි කිව්වෙ බෝඩිම් හොයන් නැතුව. ඉතින් මන් මේ යන්නෙ එහාට්ට.
මන් ෆෝන් එකත් පැත්තකින් තියෙලා බැලුවේ වටපිට. නුවර පරිසරය මගෙ හිතට හරි අමුතුයි. හරි ලෝභ කමක් දැනෙනවා මට.
කොළඹ හිටපු මන් දැන් නුවර සීතළටත් හුරු වෙන්න එපැයි.
" පොඩී මූණ ටිකක් ඔතනින් හෝද ගන්නකෝ "
" එහෙම ඕන්නෑ ඒයි . මගෙ වෙට් ටිෂූස් එකක් දෙන්නම්කෝ "
YOU ARE READING
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -