" එදා දැක්කට වඩා ඔයා දැන් කළුවෙලානේ. මට ටිකක් අදුර ගන්නත් අමාරු වුනා ඒ නිසා. ඇත්තටම අයියේ ඔයාගේ අම්මා අප්පච්චි ර..... ආ මේ සොරි ම ට අමතක වු නා. "" ඒ ඕක මොකක්ද කොල්ලෝ. මන් දන්නෑ කවුද මගෙ දෙමාපියෝ කියලා වත්. ඉස්සර නම් දුකයි. ඒත් දැන් ඒක පුරුදු වෙලා "
"එදා ඔයා මගෙ ඇග උඩට වැටුණු පාර නම් සෑහෙන්න රිදුනා අයියේ. අලි පැටියෙක් වගේනේ. තව ඩින්ගෙන් මගෙ අනාගතෙත් අදුරු වෙනවා "
නිර්මාල් ඒක කිව්ව විදිහට මට බකස් ගාලා හිනා ගියා. නිදාගෙන හිටිය නිසා ද මන්දා කොල්ලගේ ඇසුත් රතු වෙලා. නිර්මාල්ට හරි ලස්සන හිනාවක් එක්කම ඉස්සරහින් තඩි පොල් දත් දෙකක් තමයි තියෙන්නේ.
" ඒක නෙවෙයි නිර්මාල් මොකෝ අද ස්කෝලේ ගියේ නැත්තේ "
මන් කොල්ලගෙන් එහෙම අහනවත් එක්කම කොල්ලගේ හිනාවත් නැති වෙලා ඇස් දෙකේ හීනි කදුළු පටලයක් බැදුනා.
" මොකෝ මන් වැරදි දෙයක්ද ඇහුවේ ආ "
කුස්සියේ බංකුවක් උඩ එයාගේ ළගින්ම ඉදගෙන හිටිය මන් එයාගේ මූණට එබිලා අහද්දී කොල්ලා කරේ තවත් බිම බලා ගන්න එක. මට මේ පුංචි කොල්ලව ඇදලා අරන් තුරුල් කර ගන්නමයි හිත. එයා නිහඩයි.
ඉතින් මන් ආයේ එයාට වෙන දෙයක් ගැන කතා කරා." මයෙ උගුර කටත් වේලිලා බන් . තේ කහට එකක් වත් බොමුකෝ "
" ආ මන් තේ එකක් ඉක්මනින් හදන්නම් අයියේ. "
කොල්ලා දඩිබිඩි ගාලා බංකු වෙන් නැගිටලා ලිපට දරකෑලි ටිකයි පොල් කටු කෑලි ටිකකුත් දාලා පත්තු කරද්දී මාත් ඉතින් බංකුවෙන් නැගිටලා එයා ළගට ගියේ මේ ඉන්න ටිකේ එයා ළගටම වෙලා ඉන්න කියලා මගෙ හිත කිව්ව නිසයි.
පාන්දරම නැගිට්ට මන් තාමත් ඇදට වෙලා ඊයේ නිර්මලයි මායි කතා වෙච්ච දේවල් මතක් කළේ මගෙ හිතට අමුතුම හැගීමක් එද්දිය.
අදත් වේලාසනින්ම ලොකු හාමුත් එක්කලා තේ වත්තට යන්න ගියත් හරි දෙනුවන් බේබිත් අපිත් එක්කලා ආවේ එයටත් තේ වත්ත බලන්න ඕනීයී කියලා. දෙනුවන් බේබි නම් නිර්මලට වඩා එක අවුරුද්දක් බාල වුනාට මොකද ඇග පතින් නම් මන් වගෙ ඇති. ලොකු හාමු නම් එයාගේ ලොකු පුතාගේ ලොකු පුතා දෙනුවන් බේබිට නම් නුරාදට වගෙ නෙවෙයි හරි මනාපයි. අද උදේ එන්න කලිනුත් මන් නුරාදත් එක්කලා ඉදලයි ආවේ.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -