chapter 10

590 127 17
                                    

Magic Love Story ❤️

Episode 10💫💫💫💫💫💫💫💫💫💫💫

~~~~~~~~~~~දසවන මායාව~~~~~~~~~~

-Jeon yumi's pov-

🦇️ "ආහ්... මට හොදටම රිදුනා "

🦋 " අනේ ඉතින් මියානේ මම හිතල කරේ නෑනේ... 😔😔"

🦇️ " හ්ම්.. හ්ම්... ඒත්... "

😳 යූනාට එයා කියන්න ගියපු දේ කියන්න හම්බුනේ නෑ. එකපාරටම එයාගෙ බෙල්ලෙ තිබුනු වැම්පයර් මාලෙ දිලිසෙන්න ගත්තා. ඒක යම් දිශාවකට ඇදෙමින් දිලිසෙන්න ගත්තෙ ගුප්ත විදියට. යූනා හොදටම පුදුම වෙලයි මගේ දිහා බැලුවෙ. ඒත් එක්කම මගේ මාලයත් දිලිසෙන්න ගත්තා.😳😳 ඒකත් යූනාගෙ ගෙ මාලෙ විදිහටම එක දිශාවකට ඇදෙනවා.ඒ වෙලාවෙ මගේ හිතේ වැඩකලේ එකම දෙයයි...

🦋 " මායා දොරටු..!!! " අපි දෙන්නගෙම කටින් එකසැරේම පිට උනා.

🦇️ " එන්න... ඉක්මනට... පරක්කු වෙන්න බෑ... " කලබලෙන් එහෙම කියපු යූනාහ් ආපහු වවුලෙක් වෙලා ජනේලෙන් ඉගිලුනා. මමත් ඉක්මන් කරල දුවල ගිහින් ජනේලෙන් පැන්නෙ පරවියෙක්ගෙ වේශයට හැරෙන ගමන්.

                      අපි දෙන්නගෙ එකම අරමුණ, ඒකට තව මාස තුනක් වගෙයි තියෙන්නෙ. ඒත් ඇයි හදිසියෙම මාලෙ දිලිසෙන්න ගත්තෙ? ඒ කියන්නෙ මොකක්ම හරි ප්‍රශ්නයක්... !

🦇️          🦇️        🦇️          🦇️         🦇️
     🦋           🦋          🦋        🦋

- Kim yoonah's pov-

      මගේ මාලෙ දිලිසෙන්න ගත්තම මට පොඩි බයක් දැනුනා...මොකක් වෙන්න යනවද කියලා කිසිම අදහසක් මට තිබ්බෙ නෑ... ඒත් එක්කම යුමීගෙ මාලෙත් දිලිසෙන්න ගත්තා 😳 ඒ කියන්නෙ මොකක්ම හරි ප්‍රශ්නයක්...මායා දොරටුවට මොකක් හරි වෙලා, ඉක්මනට එතනට යන්න ඕනි...!

🦇️ " මායා දොරටු..!!! " අපි දෙන්නගෙම කටින් එකසැරේටම පිට උනා... ඒක ඒ තරම් දෙයක් නෙවෙයි.. මොකද අපි දෙන්නම ඒ වෙලාවෙ හිටියෙ ගොඩක් පුදුම වෙලා

🦇️ " එන්න... ඉක්මනට... පරක්කු වෙන්න බෑ... " මම වවුලෙක්ගෙ වේශයට හැරෙමින් එයාට කියලා ඉක්මනට ජනේලෙන් එලියට පැන්නා...

මායාදොරටු ගාවට පියාඹලා යන්න මට වැඩි වෙලාවක් ගත උනේ නැහැ...ඈත තියාම මං දැක්කෙ විශ්වාස කරන්න බැරි දර්ශණයක්.අනේ....අනේ.... මට.. විශ්වාස කරන්න බෑ...!!!! කොහොමද මේක විශ්වාස කරන්නෙ!? මගේ ඇස් දෙක කොයිතරම් වාසනාවන්තද... මායා දොරටුව විවෘත වෙලා... !!!! මම මගේ සත්‍ය වේශයට හැරෙමින් දොරටුව ගාව දන ගහගත්තා. යුමීත් එතනට ආපු ගමන් කදුලු පිරුනු ඇස් වලින් එයාගෙ දොරටුව ඉස්සරහ දනගහ ගත්තා... දොරටු දෙකම මුහුනට මුහුනලා තිබුනෙ දම්පාටට කුහරයක් ඇති කරමින්. ඒවා කොහොම විවෘත උනාද කියලා මම නොදන්නවා උනත් ඒවා විවෘත උනු එක ගැන මම හිටියෙ කියාගන්න බැරි සතුටකින්... ටික වෙලාවක් ඒ දිහා බලන් හිටපු මම එතනින් නැගිට්ටෙ යුමීට සමුදෙන්න හිතාගෙන...මට යන්න වෙලාව ඇවිත්!

Magic love story ( Completed✔️)(个_个)Where stories live. Discover now