Chapter 22

447 115 9
                                    

Magic love story

Episode 22💫💫💫💫💫💫💫💫💫💫💫

~~~~~~~~~~~විසිදෙවන මායාව~~~~~~~~~~

- hoseok's pov-

❤️ " ඔයාලට හොදටම විශ්වාසයිද ඔයාලා ඉන්නෙ හොදින් කියලා " යෙන් ඇහුවෙ මූණ මහ විකාර විදිහට හදාගෙන යුමීගෙයි යූනාගෙයි කතාව කියලා ඉවර උනාට පස්සෙයි.

          ඇත්තටම ඒ වෙලාවෙ මාත් හිටියෙ ඒවා විශ්වාස කරන්න පුලුවන්ද කියන සිතුවිල්ලෙයි. 🙄මෙයාලා කිව්ව විදිහට යුමී fairy කෙනෙක් යූනා vampire කෙනෙක්... එයාලා අවුරුදු 500ක් තිස්සෙ මෙහේ ජීවත් වෙනවා...😶😶😳 කොහොමද මේවා විශ්වාස කරන්නෙ. ප්‍රධාන වශයෙන් ඒ කාරණා දෙක විතරක් කියලා එයාලා නිහඩ උනා. අවුරුදු 500යි වැම්පයර්ස්ලයි fairysලයි දැන් මගෙ ඔලුව පුරාම දුවනවා 😐😐 පිස්සු වගේ

😎 " මම හිතන්නෙ ඔයාලා හොදින් නෙවෙයි... ඔයාලා ෆොටෝ ශූට් එකක වෙන්න ඇති ඉන්න ඇත්තෙ... ඒකනෙ ඇදුම් වෙනස්... ඉට පස්ස්සෙ මෙයාලව බේරගන්න ඇවිත් අර මිනිස්සු ඔයාලට සිහි නැති කරන්න ඇති, මොකක් හරි ගේතුවක් නිසා උන්ට ඔයාලව අරන් යන්න බැරි වෙලා...ටිකක් රෙස්ට් කලානම් ඔය ගතිය මගෑරෙයි... හතරදෙනාම රෙස්ට් කරන්න... අරස්සෝ?? " ටේ කිව්වෙ යෙන් දිහා බලන ගමන්.

🦋 " ඔයාලට අපිව විශ්වාස නැද්ද" යුමී ඇහුවෙ සෘජු හඩකින්.

🦄 " ආහ්ම්... ම්.."

🦇️ " කියන්න විශ්වාස නැද්ද? "

🐥 " ඇත්තටම මේක නිකන් ෆිල්ම් එකක් වගේ.... හෙට උදේට ඇහැරුනාම මේක හීනයක් වෙන්නත් බැරි නෑ... " ජිමින් මගේ කරට අත දාගත්තා.

🦇️ " මේක හීනයක් නෙවේ... ඒ වගේම මේක විහිලුවකුත් නෙවෙයි ජිමින් " යූනා ඒක කිව්වෙ ටිකක් තදින්.

🦋 " යූනා..." යුමී යූනාට ඔලුව දෙපැත්තට වැනුවෙ එපා කියන්න වගේ... ඒත් යූනා යුමී දිහා නොබලම සෝෆා එකෙන් නැගිට්ටා.

🦇️ " මගේ හිනාවෙ ඔයාලට අමුත්තක් පේනවද " යූනා අපි දිහාට හැරිලා හිනා උනා. මුලින් මට කිසි අමුත්තක් නොපෙනුනත් ඊලග මම දැක්ක දේ නිසා මගේ පිට කොන්ද දිගේ සීතලක් ගලාගෙන ගියා. එයාගෙ දෙපැත්තෙ පුරශ්චාර්වික දත් දෙක සාමාන්‍ය මිනිහෙකුට වඩා දිගින් වැඩියි. යූනා මායි ජිමිනයි වාඩිවෙලා ඉදපු සෝෆා එක ගාවට හිමීට අඩි තිව්වා.

Magic love story ( Completed✔️)(个_个)Where stories live. Discover now