chapter 19

451 107 3
                                    

Magic love story

Episode 19💫💫💫💫💫💫💫💫💫💫💫

~~~~~~~~~~~දහනවවන මායාව~~~~~~~~~~

- hoseok's pov-

           මම ඔහේ හිටගෙන හිටිය විතරයි..මට කිසිම හැගීමක් දැනීමක් නෑ වගේ.... හරියට කවුරුහරි මගේ මනස සියුම්ව පාලනය කරනවා වගේ... මගේ ඇගම හිරිවැටිල වගේ හැගීමක් දැනුනා..... අර කෙල්ල මට ටික ටික ලංවුනා... එයා ලංවෙන්න ලංවෙන්න කාමරේ තිබුනු සීතලත් ටික ටික වැඩිවුනා. දැන් ඒ කෙල්ල ඉන්න හරියටම මගේ මූණ කෙලින්. ඒ කෙල්ල ටිකක් මූණ පැත්තට හරවලා මගේ මූණට තවත් ලංවවුනා. එයා මාව කිස් කරන්නද හදන්නෙ 😶😶🤐 ඒත් ටික ටික එයා මගේ බෙල්ලටයි නැමුනෙ..!!! ඒ කියන්නෙ එයා!!!!!

                   මේ කෙල්ල වැම්පයර් කෙනෙක්...!! මට මොකක් හරි කරන්නයි හදන්නෙ...!! මට හෙලවෙන්න ඕනි උනත් මම චුට්ටක්වත් හෙලවුනේ නෑ පොලොවට ඇලිච්ච පිලිමයක් වගේ.. මගේ බෙල්ලට ඒ කෙල්ල හොදටම ලංවෙලයි හිටියෙ.. ඒත් හුස්ම වැදුනෙ නෑ..උණුසුම් සුසුම් නෑ.. වැම්පයර්ස්ල හුස්ම ගන්නෙ නෑ වගේ... ඒත් එකපාරට ඒ කෙල්ලගෙ වැඩේට බාදා උනා වගේ ඒ කෙල්ල වේගෙන් අනික් පැත්තට පැන්නා.

                      මම දැක්කෙ හද එලියට පිටුපාලා හිටගෙන හිටපු තවත් ගෑණුලමයෙක්... එයා ඇදගෙන හිටියෙ සුදුපාට ඇදුමක්... ඒකෙ රිදීපාටින් වැඩ දාලා තිබුනා... ඒ වගේම එ ඇදුම් රජකාලෙ ඇදුම් වගේමයි... ඒවා ඒවා... හරියටම එදා යුමී ඇදන් හිටපු ඇදුම් වගේමයි 😶... මම ඒ ගෑණුලමයගෙ මූණ දිහා බැලුවා. මූණ වැහෙන්න සුදු රෙදි කඩක් බැදගෙනයි එයා හිටියෙ. ඇස් දෙක විතරයි පෙනුනෙ...ඒත් ඒ ඇස්...😶 ඒ වගේම එයාගෙ එක අතක 🗡 කඩුවක් තිබුනා... හද එලියෙන් කඩුවෙ තුඩ දිලිසෙමින් තිබුනා ✨️

                   අර වැම්පයර් කෙල්ල අමුතු හඩක් නැගුවා... සුදු ඇදුමක් ඇදගෙන හිටපු ගෑණුලමයා මගේ ඇස් වලින් මිදෙමින් අර වැම්පයර් කෙල්ල දිහා බැලුවා... ඊට පස්සෙ එයාගෙ අත දිගු කරලා අමුතු එලියක් සිවිලිමට විහිදුවලා කඩුව උස්සලා දෙපාරක් පොළවට තට්ටු කලා... ඒතෙක්කම රැස් වළල්ලක් කඩුව අගින් නික්මුනා 😶✨️ ඒක වැදුනු පාර අර වැම්පයර් කෙල්ල විසිවෙලා ගිහින් බිත්තියෙ වැදුනා... මම එතකොටයි දැක්කෙ බිත්ති ඔක්කොම දිලිසෙනවා..

Magic love story ( Completed✔️)(个_个)Where stories live. Discover now