STREET DANCER

684 106 14
                                    

Taehyung, JINගේ cafe එකේ වැඩ කිරීමට පැමිණ සති දෙකකට ආසන්න ය.

Jin's cafe:

"Hyung, අද මට කලින් යන්න පුළුවන් වෙයිද?"

"ආ... හදිසියේ ම?"😕

"මම බැලුවේ අද අම්මට සල්ලි යවන්න කියලා බැංකුවට යන්න.තව මට යන්න තැන් කිහිපයකුත්  තියෙනවා."

"ඒක හොඳයි Taehyung, ඔයා අද ගියාට කමක් නෑ.ඔයාට වෙලා තිබ්බොත් ඇඳුම් ටිකක් ගන්න.හැමදාම මගේ ඇඳුම් අදින්න ඔයා උනත් කැමති නැති වෙයි නේ..අර ඔයාගේ ඇඳුම් අරන් ගිය එකා😤..shik..අනේ මන්දා..පුදුම මිනිහෙක්."

"මම පුළුවන් ඉක්මනට එන්න බලන්නම් hyung"    Taehyung ඒප්‍රනය ගලවා පසෙකින් තබමින් මහමගට බැස පදිකවේදිකාව දිගේ ඇවිදින්න ට විය.

🚶🚶🚶🚶🚶🚶🚶🚶

වීදිය දිගේ ඇදුනු ඔහු බැංකුවද පසුකරමින් ඉදිරියට ගොස් අවසානයේ නතර වූයේ seoul  හිරගෙදර අසලයි.

Taehyung හිරගෙදර තුළට ගොස් එහි සිටි පොලිස් නිලධාරියා අසල නතරව ,

          "Sir,දැන් හිරකාරයින් බලන්න පුළුවන්ද ?"

👮️:"කෝ බලමු වෙලාව.🕛 12:20යි නේද..තව විනාඩි විස්සක් විතර වෙලාව තියෙනවා.විනාඩි 5 යි වෙලාව දෙන්නෙ."

👮️:"කාව හම්බෙන්නද?"

Taehyung: " kim sangchul"

👮️:" kim sangchul නේද?..පොඩ්ඩක් ඉන්න...🤔

" Kim sangchul,එයා මීට අවුරුද්දකට විතර කලින් මැරිලනේ.."

Taehyung: "මොකක්.."😟

👮️:"ඔව්, මේකේ තියෙන්නේ එහෙමයි. මට දැං මතකයි, මිනිහට පිළිකාවක් ද කොහෙද තිබුණා. මනුස්සය බීමට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නේද ?"

Taehyung: "ආ...ඔව්."

👮️: "hmm...මීට කලින් ආවෙ නැද්ද?"

Taehyung: " කලින් එන්න බැරි වුණා.. ඒකට කමක් නෑ, මම එහෙනම් යන්නම්🙁.kumawo.

Taehyung හිරගෙදරින් එළියට පැමිණියේ ප්‍රාණය අහිමි වූ වෙකු විලසිනි. හැමදාමත් වගේ අදත් ඔහු තමන්ගේ දෙනෙත් වල කඳුලුත් සමග අරගල කරන්නට වුණා.

ඔහුගේ පීඩාව කිසි විටෙකත් ඔහු පිටතට පෙන්වීමට ඉඩ තැබුවේ නැත. නමුත් ඔහු හැමදාමත් වගේ ඇතුළතින් ඒ පීඩාවෙන් මිරිකෙන්නට විය.නමුත් අද ඔහු පරදා කඳුළු ජය ගත්තේ ය.

BLOOD SWEAT &TEARS Where stories live. Discover now