Chapter 21

574 117 12
                                    

Mystery creates wonder and wonder is the basis of man's desire to understand         

සුපුරුදු විදිහටම ඔරලෝසුවෙ කටුව හත ළඟ නවතිද්දි කාමරෙ තිබ්බ නිහඬියාව බිඳගෙන එලාම් එක රින්ග් වෙන්න ගත්තෙ හැමදාමත් වගේ නැඟිටින්න අදිමදි කරන මිනිස්සුන්ගෙ නින්දත් කඩාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සුපුරුදු විදිහටම ඔරලෝසුවෙ කටුව හත ළඟ නවතිද්දි කාමරෙ තිබ්බ නිහඬියාව බිඳගෙන එලාම් එක රින්ග් වෙන්න ගත්තෙ හැමදාමත් වගේ නැඟිටින්න අදිමදි කරන මිනිස්සුන්ගෙ නින්දත් කඩාගෙන. ඔලුවෙ ඉඳන් දෙපාමුල ළඟටම පොරවගෙන හිටපු කම්ෆර්ටර් එක ඇතුළෙ ඉඳන්ම අත එලියට දාලා ෆෝන් එකේ එලාම් එක විනාඩි පහකින් වදින්න තියලා එහා පැත්තෙ තිබ්බ කොට්ටෙත් බදාගෙනම ජන්කුක් ආයෙත් අඩ නින්දකට වැටුණා. ටික වෙලාවකින් පස්සෙ ආයෙ නින්ද කැඩෙන්න එලාම් එක වැදුණෙ ෆෝන් එක පොලවෙ ගහල කෑලි කෑලි කරන්න තරම් තරහක් කොල්ලගෙ හිතෙ ඇති වෙද්දි.

අද තියෙන ප්‍රසන්ටේශන් එක වෙනුවෙන් මඟහැරිච්ච වැඩ ඔක්කොම කලින් දවසෙ එලි වෙනකන් නැඟිටගෙන ඉඳලා ඉවර කරාට පස්සෙයි කොල්ලට නිදාගන්න හම්බුණේ. ඒත් ආයෙත් පාන්දර තුනට විතර එහා කාමරෙන් ඇහිච්ච සද්දයක් හින්දා බය වෙලා ඇහිරලා ගේ වටේම ඇවිදින්න වුණා ගෙදරට හොරෙක්වත් පැනලද බලන්න. ඒ ඉවරවෙලා ටිකකින් එලාම් එක වදින්න ගත්තෙ දවස් ගාණක් එක දිගට විවේකයක් නැතුවම වැඩ කරපු කොල්ලගෙ ශරීරයට පුංචි හරි විවේකයක් ගන්න නොදී. හරියට නින්දක් නැතුව හරියට කන්න බොන්න නැතුව කොල්ලා දහදුක් විඳගෙන මේ කරන්නෙ mr.Lee ගෙ ප්‍රොජෙක්ට් එක. ඒත් කොල්ලගෙ සෙකට්‍රි ගෙන් මේ කිසිම දේකට උදව්වක් ලැබුණෙ නෑ.. හේතුව කෙල්ල කැමති නෑ මිස්ටර් ලී එක්ක වැඩ කරන්න. අකමැති ඇයි කියලා කෙල්ලගෙන් ජන්කුක් සියදහස් වාරයක් ඇහුවත් කෙල්ලගෙන් ඒකට හරිහමන් උත්තරයක් ලැබුණෙ නෑ.

ලොකු හුස්මකුත් පිටකරලා බ්ලැන්කට් එක ඇගෙනුත් අයින් කරන ගමන් කොණ්ඩෙත් අතින් හදම හදම ජන්කුක් ඇඳෙන් බැහැලා වොශ්රූම් එක ඇතුලට ගියේ අදවත් පරක්කු නොවී ඔෆිස් යන්න ඕනවුණ නිසා.

How To Tame A Bad Boy  [ COMPLETED ]Where stories live. Discover now