කාලය හිතාගන්න බැරි විදිහට ගෙවිලා ගියා.. හැමෝගෙම ජීවීත හරිම සුන්දර විදිහට ගලාගෙන ගියා... සුන්දර විදිහට ගලාගෙන ගියා කිව්වෙ එයාලගේ ජීවිත වල ප්‍රශ්න , දුක් කරදර මොකුත් නැහැ කියන එක නෙමෙයි... කොච්චර ප්‍රශ්න තිබුණත් කාලයත් එක්ක ඒ හැමදේම විසඳුනා... දුක සතුට කියන දේ තාවකාලිකයි නේ.... තාවකාලික ප්‍රශ්න වලට කඩා වැටෙන්නෙ නැතුව ශක්තිමත්ව ඒවට මුහුණ දීලා ජීවත් වෙන්න හැමෝම පුරුදු වුණා...
කතාවේ ප්‍රධාන චරිත දෙක ගැන කතා කරමුකෝ.... එයාලට ලැබුණේ සතුටුදායක අවසානයක්ද ? ඔව්... එයාලා දෙන්නට එකතු වෙන්න බැරි වෙන්න ඇති... ඒත් එයාලාගෙ කතාව අලුත් පිටුවකට පෙරලුණේ සතුටුදායක අවසානක් කලින් පිටුවේ සනිටුහන් වුණාට පස්සෙ.... ඉතින් අදටත් විනූයි ජන්ග්කුක්යි හොඳම යාලුවෝ.... ආදරය කරපු දෙන්නෙක්ට යාලුවෝ වෙන්න බැහැ කියලා මිනිස්සු කියනවා නම් තමයි... ඒත් ඒක එහෙම නෑ .... ආදරය කරපු දෙන්නෙක්ට යාලුවෝ වෙන්න පුලුවන් හැබැයි කලින් විදිහට ඉන්න බැහැ.... මොකද අනිවාර්යයෙන්ම දෙන්නගෙන් එක්කෙනෙක්ගේ හිතේ පුංචිම හරි බලාපොරොත්තුවක් ඉතුරු වෙලා තියෙනවා....
මෙයාලා දෙන්නත් සාමාන්‍ය මිනිස්සු නේ.... ඉතින් එයාලා දෙන්නගෙන් එක්කෙනෙකුත් බලාගෙන හිටියා කවදාහරි මේ හැමදේම හරියයි කියලා.... එතකොට අනිත් කෙනා හිටියේ කලකිරීමකින්.... ජීවිතයට ආදරයක් ආයෙමත් ඕනෙ නැහැ කියන අදහසින්.... ඉතින් වෙනස් අදහස් තියෙන දෙන්නෙක්ට එකතු වෙන්න පුලුවන්ද ? බැහැ නේද ?
විනූ හැමදාමත් ජීවිත් වුණේ හිතේ පුංචි බලාපොරොත්තුවක් එක්ක.... ඒ එයාගේ කලින් හස්බන්ඩ් ආපහු එයාට ආදරය කරයි.... දැන් එයාලගේ ආදරයට හරස් වෙන්න කෙනෙකුත් නැති නිසා එයාලා දෙන්නට ආපහු හිටපු විදිහටම ඉන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්... මොකද විනූ ජන්ග්කුක්ගෙන් ඈත් වෙලා හිටපු කාලෙදි පවා එයා ජන්ග්කුක්ට ආදරය කළා.... කිසිම මොහොතකදි එයාගෙ හදවත වෙන කෙනෙක් ලඟ නතර වුණේ නැහැ.... ඒ නිසා වෙන්න ඇති සමහර විට විනූගේ හිතේ බලාපොරොත්තුවක් ඉතුරු වෙලා තිබ්බෙ....
ඒත් එයා මේ ගැන ජන්ග්කුක්ට කිව්වද ? නැහැ...
කලින් හස්බන්ඩ් ? ඔව් එයාලා දෙන්නා ඩිවෝර්ස් වුණා.... හැඟීමක් නැති තැන විවාහයකින් දෙන්නට දෙන්නව ගැටගහගෙන ඉන්නෙ මොකටද ?
YOU ARE READING
How To Tame A Bad Boy [ COMPLETED ]
Fanfiction!! REPUBLISHED !! before u read the story.... Please be aware that this is my first ever ff. So the first few chapters aren't that good but I promise that I get better 😅 so please tolerate ❤️ TY •°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°••°•°•°•°•°•°•°•°•°•...