Chapter 19

608 118 35
                                    

                           Sooner than you think.....

                           Sooner than you think

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





" So , How do I look ? "

කිසි දෙයක් නොකියා ඔනෙලි දිහා ටික වෙලාවක් බලන් හිටපු ජන්කුක් එකපාරම බඩ අල්ලන් හිනා වෙන්න ගත්තෙ වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගේ අවධානය තමන් දිහාට ඇදෙද්දි....

" මේ ඕයි...හම්මෝහ්...ත..මට බෑ..."

හිනාව නවත්තගන්න ජන්කුක් කොච්චර උත්සහ කළත් ඔනෙලි දිහාට හැරුණ ගමන් ආයෙමත් සැරයක් ශොප් එක දෙදරලා යන්න තරම් හයියෙන් හිනාවෙන්න ගත්තෙ කෙල්ල ඇඳගෙන ආපු ඇඳුම දැකලා...

" අයිසෙ මේ... අපි යන්නෙ බිස්නස් පාර්ටි එකකට මිසක් අනාථ නිවාසෙකට කෑම දෙන්න නෙමෙයි.. මොකද්ද තමුසෙ ඔය ඇඳන් ඉන්න කෝලම ? "

හිනාවෙලා වැඩිකමට ඇස් වලින් ගලාගෙන ආපු කඳුලුත් පිහිදන ගමන් , කෙල්ල දිහාට හැරෙන්නෙවත් නැතුව කොල්ලා කිව්වෙ ආපහු ඔනෙලි දිහාට හැරුණා නම් , කතා කරගන්න බැරි වෙනවා කියලා දන්න නිසා.

" ඒ කියන්න මේ ඇඳුම හොඳ නැද්ද ? " කෙල්ල ඇහුවෙ අහිංසක විදිහට මූණ හදාගෙන , ඒත් අහිංසක මූණ පිටිපස්සෙ ඉන්නෙ යක්ෂණියක් කියලා කවුද දන්නෙ...

" කෝ තමුසෙ ඇතුළට අරගෙන ගිය ෆ්‍රොක් එක ? ඇයි ඒක මදිද ? ඒක තියලා මේ ?මගුලක් ඇඳන් ආවෙ ? "

" ආහ් ඒකද ? ඒක මේ.... ඒකෙ....ඒකෙ පිටිපස්සෙ opening එක....මේ.....මම කිව්වෙ මේ....ඒක revealing වැඩියි. ඒක හින්දා මම ඒක තියලා මේක ඇන්ඳා"

කෙල්ලගෙ කතාව අන්තිමේදි කොල්ලගෙ මූණ එකපාරම වෙනස් වුණේ කෙල්ලගෙ හැසිරීම කොල්ලට තවත් කෙනෙක්ගෙ මතකයන් ගෙනත් දීපු නිසා...

ඔව් , විනූත් ඒ වගේමයි.... කෙල්ල කවදාවත් ඇඟ පේන්න ඇඳුමක් ඇන්ඳේ නෑ..... එහෙම ඇඳුම් ජන්කුක් අඳින්න දුන්නෙත් නෑ.... ටිකෙන් ටික ජන්කුක්ගෙ ඇස් වල කඳුලු පිරෙන්න ගත්තෙ තමන්ගෙ නැතිවුණ ආදරය මතක් වෙලා කොල්ලගෙ කැඩිලා ගිය භදවත තවත් චූටි චූටි කෑලි වලට කැඩෙද්දි.....

How To Tame A Bad Boy  [ COMPLETED ]Where stories live. Discover now