chapter 13

690 137 13
                                    

Extreme short chapter ahead

👀👀👀👀👀👀👀👀👀👀👀👀👀👀👀👀





















"විනූ !! නැගිටිනවා !! අද තමුසෙගෙ වෙඩින් එක නේද ?? "

"......"

"කුම්භකර්ණයා වගේ නිදන් ඉන්න කැත 🤧 නැගිටපන් ගෑණියේ !! "

චැන්ට හොඳටම මල පැනලා..ඔව් ඉතින් මල පනින එක සාධාරණයි නේ...මගුල දවසෙ ඔහොම නිදියනවද මං අහන්නෙ....

"අනේ....මට නිදිමතයි 🤧 මට බඳින්න බෑ 🤧"

" බඳින්න බෑ ? බඳින්න බෑ ?? උඹ නේද මේ කසාදෙ ඕනෙ කිව්වෙ ? දැන් මොනාද කියන්නෙ ?? "

චැන්ගෙ යක්ෂයා දැන් නම් හොඳටම ආවේස වෙලා.....ඇයි ඉතින් ඊයෙ ඉඳන් මේ කෙල්ල එහාටයි මෙහාටයි දුව දුව වැඩ....ඒකට මනමාලි 🤧 මොකාද එකා වගේ නිදි මදිවට දැන් මගුලකුත් කියෝනවා....

"අනේ ඉතින් මෝඩ කුකියට බැරි උනානේ වෙඩිම හවසට තියන්න "

නින්දෙන්ම කියව කියව පෝන් එක අතට ගත්තු කෙල්ල මුලින්ම බැලුවෙ වෙලාව දිහා..
වෙලාව පාන්දර තුනයි....කට ඇතුළින් හොඳවයින් වචන දෙකතුනකුත් මුමුණ මුමුණ කෙල්ල ඇඳෙන් බැස්සෙ ස්ටයිලිස්ට් එන්න කලින් ලෑස්ති වෙන්න බලාගෙන.....

ඒත් කෙල්ල එකපාරම නැවතුණේ කාමරෙ හිටපු මිනිස්සු ටික කෙල්ල දිහා ගල් ගැහිලා වගේ බලන් ඉන්නව දැක්කම..

"මොකද ?? "

"......"

"මොකද ඕයි කන්න වගේ බලන් ඉන්නෙ ?? "

"විනූ...."

ඇහුණෙ චැන්ගෙ කටහඬ....

"හ්ම්ම් ?? "

"ඔයා බඳින්නෙ ජන්කුක්ව නෙමෙයි...🙄"

කෙල්ලගෙ කටින් පිට වෙච්ච වචන දෙක තුන ඇහුණ ගමන් කෙල්ලගෙ හදවත ගැහෙන එක තත්පරේකට විතර නැවතුණා....

"මම දන්නවා ඒක..." කියාගෙනම කෙල්ල වොශ්රූම් එකට ගිහින් දොරත් දඩාස් ගාලා වහගෙන දොර දිගේ ඇතිල්ලීගෙනම බිම ඉඳගත්තෙ කෙල්ලගෙ ඇස් වලින් හෝ ගාලා කඳුලු හැලෙද්දි...

ඔව් පහුගිය මාස කිහිපයේදී කවුරුත් හිතපු නැති විදිහට කෙල්ලගෙ ජීවිතේ වෙනස් වුණා.
කෙල්ල අන්තිමටම ජන්කුක්ව දැකලා දැන් මාස තුනක් වෙනවා...බූසාන් ගිහින් ආවත්හරි කෙල්ල අද වෙනකන් කොල්ලවවත් , ජිමින්වවත් හම්බවෙන්න ගියේ නෑ...ජිමින් , ජන්කුක් නෙමෙයි කෙල්ල රෑ ජාමෙ කාටවත්ම නොකියා තමයි ගෙදරින් පැනලා ආවෙ.....කෙල්ල පැනලා එන්න හේතුව ??

How To Tame A Bad Boy  [ COMPLETED ]Where stories live. Discover now