Chapter 04

1.2K 226 6
                                    


       
" තමුසෙ මං ගැන හොයන්න එපා !
මට මොනා උනත් තමුසෙට මොකද? ආ කියනවා ?!?! මට තමුසෙ කියන කියන විදිහට නටන්න බෑ , මේක මගෙ ජීවිතෙ මං මට ඕනෙ දෙයක් කරනවා ...තමුසෙ ඔය නටන්නේ තමුසෙ ලඟ තියෙන මහ ලොකු photo එක නිසා නේ...කමක් නෑ ඕක තමුසේ ඕන කෙනෙක්ට යවා ගන්නවා..මට වැඩක් නෑ..හැබැයි මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවා ! මීට පස්සෙ මගෙ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න එපා , මට මං ගැන බලා ගන්න පුලුවන් ....තමුසෙ මගෙ කවුද කියනවා මට අණ දෙන්න ?? මෝඩයා...ආව මෙතන මාව පාලනය කරන්න..." කියපු ජන්කුක් තරහෙන් අනිත් පැත්තට ඇවිදගෙන ගියා....

" ඔව් මට මොකද මූට මොනා උනත් , ඒත් ඇයි එයා ඒ කිව්ව දේවල් වලට......" විනූ ඔලුව අල්ලගෙන කල්පනා කලේ ජන්කුක් කියපු දේවල් එයාගෙ ඔලුවෙ Flash වෙන්න ගත්තෙ ඇයි කියලා තේරෙන්නෙ නැතුව.........

එක පාර විනූගෙ ඔලුව කැරකෙන්න වගේ ගත්තු නිසා විනූ ඔලුවත් අල්ලගෙන ලොකර් එක දිගේ ඇතිල්ලීගෙනම බිම ඉඳ ගත්තා..

" ආහ් මගෙ ඔලුව...මොකද්ද මට මේ වෙන්නෙ " විනූගෙ ඔලුව ඇතුලේ එක පාරම රූප වගයක් මතුවෙන්න ගත්තා.....

  " ජන්කුක්....." කියාගත්තු කෙල්ල එක පාරම නැගිටලා ජන්කුක් ඉන්න දිහාවට හයියෙන් දුවන්න ගත්තා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.

හයියෙන් දුවගෙන ආපු කෙල්ල හති දදා හතර වටේ ඇස් යව යව බැලුවේ පේන තෙක් මානෙක ජන්කුක් පේන්න ඉන්නවද කියලා...ජන්කුක්ව දැක්ක කෙල්ල සැනසුම් සුසුමක් පිට කරලා ජන්කුක් දිහාවට ඇවිදන් ගියේ මල් හිනාවකුත් දාගෙන...

හැබැයි කොල්ලා මුමුණනවා දැක්ක කෙල්ල හිමින් කොල්ලට ළං වෙලා කතාවට කන දීගෙන ඉන්නකොට කෙල්ලගෙ මූණෙ තිබ්බ හිනාව ඉබේටම මැකිලා ගියා...

"Yah jungkook තමුසෙට මොකද වෙලා තියෙන්නේ එයා ඇඬුවට තමුසෙට මොකද ? එයා දැන් තමුසෙගෙ කවුරුත් නෙමෙයි..past is past...she's no one to you now..move on man...."

කතාව ඇහුණ කෙල්ල අඩියක් දෙකක් පස්සට ගත්තත් එක පාරටම ඇස් දෙකේ කඳුලු පුරව ගත්තු කෙල්ල හයියෙන් ආයෙත් සැරයක් ඉස්කෝලෙ ඇතුල් පැත්තට දුවන්න ගත්තා....ජන්කුක් ව පහු කරන් ටික දුරක් ගියත් එක පාරටම කෙල්ලගේ ඔලුවට හයියෙන් පොලු පාරක් වැදුනා....ඔලුවට අත තියාගත්තු කෙල්ල හිමිට ඔලුව හරවලා බැලුවෙ තමන්ගෙ ඔලුවට ගහපු කෙනා කවුද කියලා දැනගන්න.....

How To Tame A Bad Boy  [ COMPLETED ]Where stories live. Discover now