Chapter 11

838 166 34
                                    

3.55 p.m @busan mall

කොෆි ෂොප් එකෙ දොරත් ඩාං ගාලා ඇරගෙන ඇතුළට ගිය කොල්ලා දොරකඩටම වෙලා හිටගෙන දණිස් දෙක උඩින් අතත් තියාගෙන හොඳටම හති අරිනවා...බීච් එකේ ඉඳන් දුවගෙනම ආපු හින්දා කොල්ලගෙ කකුල් දෙකටම පණ නෑ වගේ...ටික වෙලාවක් දොරකඩට වෙලා හති ඇර ඇර හිටපු එකා තමන්ගෙ අත් ඔරලෝසුව දැකලා එකපාරම ඔලුව උස්සලා වටපිට බැලුවේ හම්බවෙන්න ආපු එකා කොහෙද කියලා බලනගමන්...ඒත් කොල්ලගෙ නෙත ගැටුණේ හම්බවෙන්න ආපු එකාව නම් නෙමෙයි ඒ වෙනුවට කොල්ලා දැක්කෙ කැෆේ එකේ හිටපු සෙනඟ ඔක්කොම තමන් දිහා නිකං පිටසක්වලයෙක් කඩාපහත් වුණා බලන් ඉන්නවා...පස්සෙ තමයි උගේ චූටි මොළේට මීටර් වුණේ ඇතුළට ආපු විදිහ...මොකාද එකා වගේ නෙ ආවෙ ඉතින් 😂 පිටසක්වල බැල්මක් දාන එක සාදාරණයි 🤭🤭 ලැජ්ජාවට එක පාර ඔලුව පහත් කරගෙන කොල්ලා කොඳුඇටේ එළියට පයිනකන් කැෆේ එකේ හිටපු මිනිස්සු ටිකට bow කළේ හැසිරුණ විදිහට සමාව ඉල්ලන්න...

හතරවටේටම කැරකී කැරකී bow කරපු කොල්ලා තමන්ගෙ වම් පැත්තට හැරෙනවාත් එක්කම දැක්කෙ කැෆේ එකේ අන්ත කොනේ තිබ්බ මේසෙක වාඩි වෙලා කෙල්ලෙක්ව...මූණට චූටි හිනාවකුත් දාගෙනම කොල්ලා ඇවිදන් ගියේ මේසේට හේත්තු වෙලා ජනේලෙන් එළිය බලාගෙන කොෆි බොන කෙල්ල දිහාට....

මේසේට ළංවුණ ගමන පොඩි කැස්සකුත් දාගෙන කොල්ලා ඉඳගත්තෙ කොෆි බිබී හිටපු කෙල්ලගෙ ඉස්සරහින්....කොල්ලා දැක්ක ගමන් කෙල්ලගෙ ඇස් දෙකත් ගැලවිලා වැටෙන්න තරම් ලොකු වුණේ කොල්ලව මෙතනදී හම්බවෙයි කියලා කෙල්ල දැනගෙන හිටියේ නැති නිසා වෙන්නැති....

" ජි..ජිම්..ජිමින් ?? "

" හායි ! "

අර කෙල්ල අතන හාර්ට් ඇටෑක් හැදිලා මැරෙන්න යනවා ..මූ හායි ලු

" ඔ..ඔයා...ඔයා කොහෙද මෙහේ ? "

අන්තිමේදි කෙල්ල ඇහුවෙ කටින් එන වචන කැඩි කැඩි එද්දී..

" ඔව් ඔයා හිතුවේ විනූ එයි කියලනේ....ඇත්තටම ඔයාට ඊයෙ රෑ මැසේජ් දැම්මෙ මම..."

" මොකක් ? " මේසෙට හයියෙන් ගහන ගමන් කෙල්ල නැඟිටලා හිටගත්තේ කොල්ලා දිහා ඔරවන් බලන ගමන්...

How To Tame A Bad Boy  [ COMPLETED ]Where stories live. Discover now