Chapter 07

1K 188 14
                                    


" OMG "

ජිමින් හොල්මනක් දැක්කා වගේ විනූ දිහාවට හැරුණේ තමන්ගෙ නංගිගේ ජීවිතේ අනතුරේ බව දැනගෙන.

" ජේක් මේ ගැන දන්නව ද විනූ ? "

" නෑ...ඔප්පා මේ අහන්න.. මං මේ දේ ගැන ඔයාට කිව්වෙ මට වෙන කරන්න දෙයක් නැති නිසා....මේ ගැන කවුරුමහරි කෙනෙක් දැනුවත් කරන්න ඕන නිසා...මට මේ ගැන ජේක්ට වත් ජන්කුක්ට වත් කියන්න බෑ....ඔයාට මං කියන දේ තේරෙනවනේ..එයා ආයෙ ඇවිත් කියන්නෙ එයා මොනම විදිහකින් හරි මගෙන් පලි ගනියි...එයා යනකොට කිව්ව දේ මතකයි නේ ....මොනම විදිහකින් හරි එයා මගෙන් පලි ගනීවි....මගෙ ජීවිතේට මොන වෙලාවක මොනා වෙයිද කියලා මම දන්නෑ......ඔප්පා මට පොරොන්දු වෙන්න...මේ ගැන කිසිම කෙනෙක්ට කියන්නෑ කියලා.."

" ඒත් විනු...."

" ඒත් මේත් නෙමෙයි ඔප්පා....මට පොරොන්දු වෙන්න මේ ගැන කාටවත්ම මොනම හේතුවක් නිසාවත් කියන්නෑ කියල..."

ටික වෙලාවක් නිහඬව හිටපු කොල්ලා අන්තිමේදි හයියෙන් හුස්මක් පිට කරලා කෙල්ලගෙ කතාවට එකඟ උනා...

" හරි මං කාටත් මොකුත් කියන්නෑ..හැබැයි ඔයත් මට පොරොන්දු වෙන්න...මොනා උනත් මට ඒක කියනවා කියලා..."

" මම පොරොන්දු වෙනවා...මොකක් හරි දෙයක් නම් මං ඔයාට අනිවාර්යයෙන්ම ඒක කියනවා කියලා...."

විනූ දිහා බලලා ලාවට හිනාවුනු කොල්ලා තමන්ගෙ නංගිව තුරුල් කරගත්තා....

"මම පොරොන්දු වෙනවා විනු...මම ඔයාට කිසිම කරදරයක් වෙන්න දෙන්නෙ නෑ....I will protect you.."

" protect her from whom?? "

ජිමින් විනූ දෙන්නම ගැස්සිලා හැරිලා බැලුවෙ කුස්සියෙ එන්ට්‍රන්ස් එක ළඟින් ඇහුණ කටහඬ නිස....

"තමුසෙ මොනාද මේ මහ රෑ ජාමෙ මෙතන කරන්නෙ ??"

" මම ආවෙ වතුර බොන්න...ඔයාලා මක්කද කරන්නේ මේ මහ රෑජාමේ , කරුවලේ ?? " tae ඇහුවේ fridge එකෙන් වතුර බෝතලයක් අරං ඒක එක උගුරට අදින ගමන්...

" මට නින්ද ගියේ නෑ....මම පහලට ආවා..එතකොට මම දැක්කෙ ජිමින් ඔප්පා ඉන්නවා..ඉතින් අපි දෙන්නා කතා කර කර හිටිය ටිකක්.....දැන්නම් නිදිමතයි වගේ....මම යනවා නිදියන්න ..ගුඩ්නයිට් දෙන්නටම.." කියාගෙන කෙල්ල කාමරෙ දිහාවට ඇවිදන් ගියේ ජිමින්ට හග් එකකුත් දීලා.......

How To Tame A Bad Boy  [ COMPLETED ]Where stories live. Discover now