Episode 3🥀

1.1K 274 15
                                    

ඔයාට සෝල් වල තියන ලොකුම කොලේජ් එකට යන්න පුලුවන් ජූරියෝ.. යොන්ග්සන් කොලේජ් එකට!!"

අම්මා එහෙම කිව්වම මට වඩා සොන් හී උඩ ගියා..සූස් ගාලා හුස්ම ඇද්ද පාර පහලට දාන්නත් අමතක වෙලා

"මොනාද අම්මෙ මේ කියන්නේ"

"ඔව් දරුවො.. "

"ඒ කොහොමද????"

"අපේ කම්පැනි එකේ බොස්.. මිස්ටර් කිම් එයා තමයි පුතාට මේ චාන්ස් එක දුන්නෙ"

අම්මා එහෙම කියලා මට එයාගෙ හෑන්ඩ්බෑග් එකෙන් අරන් ලියුම් කවරයක් දුන්නා

"ස්කොලර්ශිප් එකක්!!"

සොන් හී ලියුමට එබිලා බලල ආයේ අම්ම දිහා බැලුවා

"ඒත් ඇයි?"

"ඔයා කරපු වැඩේ ගැන රටම කතා වෙනවා ජූරියො.. ඒකට අපේ බොස්ට ගොඩක් ලොකු පැහැදීමක් හිතිලා.. මට එයාගෙ කැබින් එකට කතා කරලම ඕක මගෙ අතටම දුන්නා..එයාගෙ කම්පැනි එකේ සේවකයෙක්ගෙ දරුවෙක් මෙහෙම දෙයක් කලාම එයාටත් ආඩම්බරයි කිව්වා.. සර් ටත් ඔයාගෙ වයසෙම මුනුබුරෙක් ඉන්නවලු ඔය කොලේජ් එකේම..සර්ට මේ වෙලාවෙ කරන්න පුලුවන් හොදම දේ ඕක කියලා තමා මට ඕක දුන්නෙ"

අම්මා කියවගන ගියා. මට හිතාගන්න බැරිවුනා මොනා කියන්නද කියලා.. මන් සොන් හී දිහා බැලුව.. එයාටත් ඒ ආනිසංසෙම තමයි

"ඒත් අම්මේ.. මං යන ඉස්කෝලෙ මට හොදයිනේ.. ඇයි මේ අලුත් එකක්..අනික තව කී දවසද මං ඉස්කෝලෙ යන්නෙ"

"ජූරියො මේ අහන්න.. අම්මා මගෙ ඔලුව අතගෑවා.. ඔය කොලේජ් එක ගැන මං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.. මේ පොඩි ඉස්කෝලෙ වගෙ නෙවෙයි.. ඕකට මාසයක් ගියත් ජොබ් එකක ඉන්ටවිව් එකෙන් උඩින්ම පාස්.. අනික පුතේ මට කොහොමටවත් මිස්ටර් කිම් ට කියන්න බෑ ඔයා ඒ කොලේජ් එකට යන්න ආස නෑ කියලා.. මං රස්සාව කරන තැනනෙ පුතේ.. එතන ඉන්න ලොකුම කෙනා මෙහෙම අවස්තාවක් දුන්නම මං කොහොමද බෑ කියන්නෙ? අනේ ජූරි ඔයා යනවා නේද පුතේ"?

මට අම්ම කියන දේ තේරුනා.. ඒක ඇත්ත මේකට බෑ කියලා ලොකුකම් දාන්න ගියොත් අම්මට තමා ප්‍රශ්න එන්නෙ.. රස්සාවට මොනාහරි වුනොත් අපිට ලොකු ප්‍රශ්නයක්.. මොකද මෙච්චර කල් අම්මයි මායි ගොඩක් සතුටින් අඩුවක් නැතුව හිටියෙ අම්මා KTH වගේ ලොකු කම්පැනියක වැඩ කරන හින්දා..ඒ ලැබෙන පඩිය හින්දා..මං හිනාවෙලා ඔලුව වැනුවා.. අම්මගෙ මූනෙ මලක් පිපුනා වගේ..

Petalless Flower✔️Where stories live. Discover now