Episode 9🥀

969 251 4
                                    

බස් එකට නැග්ග වෙලේ ඉදන් කොලේජ් එක ගාවින් බහිනකල්ම හනාගේ කියවිල්ල අහගන තමයි ආවේ.. මොනා ගැනද දන්නවද කියවන්නෙ යුන්ගි ඔප්පා ගැනයි යුන්ගි ඔප්පා ගෙ රැප් ගැනයි.. හනා කියන විදියට යුන්ගි ඔප්පා තමයි මේ ලෝකෙන්ම හොදම rapper! ඒ කියන විදියටනම් මටත් ආස හිතුනා එයාලා ප්‍රැක්ටිස් කරනවා බලන්න යන්න..

free වෙලාවක් ආව ගමන් auditorium එකට එන්නම් කියාගන මං main hall එකට ආවා.. ඔක්කොම main hall එකේ practice කරන්න ගත්තොත් වැඩේ හරියන්නෙ නැති හින්දා කට්ටියක් auditorium එකේ තව කට්ටියක් music room,dancing room,drama room වල. ඊයෙ ඉදන් concert එක තියන දවස වෙනකල් ම මුලු දවසම ප්‍රැක්ටිස්..

මං main hall එකට එද්දි හෝබි ඔප්පායි හේ වොනුයි කොනක ඉදගන බර කයිය. මාව දැක්කෙත් නෑ.. මං බෑග් එක බිමින් තියලා කොන්ඩෙත් උඩට කරලා ගැටගහගන බිත්තියට හේත්තු වෙලා ඉදගත්තා. ඊටපස්සේ ෆෝන් එක අරන් සින්දුවක් දාගන handfree එක කනේ ගහගත්‍තා.ඇස් දෙකත් වහගන සින්දුව අහ අහ ඉද්දි ටික වෙලාවකින් මගෙ මූනට හුලං පාරක් වැදුනා වගේ දැනුන හින්දා ඇස් ඇරලා බැලුවම මූන ඉස්සරහ හිනාවෙවී ඉන්නවා.. ජිමින්!!

"අම්බෝ මං බයවුන තරම!!"

ජිමින් මූනත් දික් කරගන මගෙ ඉස්සරහ ඉදගන ඉන්නවා දැක්කම ඇත්තටම මං ගැස්සුනා.. එයාට හිනා

"මං හිතුව නින්ද ගිහින් කියලා!"

එහෙම කියාගනම ජිමින් මගේ එහාපැත්තෙන් ඉදගත්තා

"ගොඩක් වෙලාද ඇවිල්ලා?"

"ටිකක් වෙලා!"

"මගේ මූනට එබීගෙන ඉදලා කොච්චර වෙලාද"

"ම්ම්ම් ආව වෙලාවෙ ඉදලා"

"ඉතින් මට කතාකරන්න එපැයි"

"මං හිතුවෙ නින්ද ගිහින් කියලා ඇහැරවන්න ලෝබ හිතුනා"

ජිමින් ඇහෙන නොඇහෙන ගානට එහෙම කියලා නැගිට්ටා..

ශාහ් දැන්නෙ මං මෙයාගෙ ලස්සන දැක්කේ.. කලු ශර්ට් එකටයි බොටම් එකටයි මාර ලස්සනයි.. දිලිසි දිලිසි ඉන්නෙ.

වටේම කෙල්ලො ජිමින් දිහා බල බල කුටු කුටු ගගා මොනාද කියෝනවා

"ජිමින් ඔප්පා... මං මේක ඔයාටමයි ගෙනාවෙ.. ඔප්පා ආසයිනෙ ලෙමන් flavour එකට."

Petalless Flower✔️Where stories live. Discover now