Episode 14🥀

939 234 2
                                    

ජිමින් pov

මගෙ ජූරි අද මාරම ලස්සනයි.. හරියට චූටි සුරංගනාවියක් වගෙ..

එයාව දැක්කාම මට හිතුනෙම අල්ලලා මිරිකන්න.. එයත් මං දිහා කටත් ඇරගන බලාගන ඉන්නව.. මගෙ ලස්සනට වශී වෙලාද කොහෙද..

කට්ටියත් එක්කම ස්ටේජ් එක පැත්තට යනකලුත් මං බලන් හිටියෙ ජූරි දිහා.. කෙල්ල බෙල්ල කරකව කරකව කාවද හොයනවා.. කාවද හොයන්නෙ ඇහුවට කිව්වෙ නෑ හිනාවුනා විතරයි..ඒ හිනාව.

අනේ මන්දා මට හිතෙනව මගෙ මොලේ ජූරිව ඕනාවටත් වඩා මගෙ ඇස් වලට ලස්සනට පෙන්නනවා කියලා.. මොකද අපේ කොලේජ් එකේ ජූරිට වඩා ලස්සන කෙල්ලො ඕනෙතරම් ඉන්නවා ඒත් මට ඒ හැමෝටම වඩා ලස්සනක් මේ පොඩි කෙල්ලගෙන් පේනවා..

ඒ ඇයි?? මං එයාට ආදරෙයිද??
ඔව් මං ජූරිට ආදරෙයි.

ස්ටේජ් එක යටට ගිය ගමන් කෙල්ල ගවුමත් උස්සගෙන ගායලුයි ඉන්හායි එක්ක දඩබඩ ගාලා ගිහින් ඉදගත්තා

මට එතන්ට වෙලා ඉන්න වුනේ නෑ. හ්‍යුන් ලා වැඩ වලට එහෙට මෙහෙට දුවන හින්දා මායි ජන්කුකයි දෙන්නත් හ්‍යුන් ලට උදව් කරන්න ගියා. ටේ පේන්න හිටියෙ නෑ. ඌ කොහෙද කියලා බලන්න ඕනෙ වුනත් වැඩ එක්ක ඒක එහෙම්ම මගෑරුනා.

වැඩ ටික යාන්තම් ඉවර වෙලා කොන්සට් එක පටන් ගත්තා

මං ආයෙත් ස්ටේජ් එක යටට ආවෙ ජූරි එක්ක හරියට කතා කරන්න බැරි වුන හින්දා එයා ලගට වෙලා ටිකක් ඉන්න හිතාගන.. තවත් මේක හංගගෙන ඉදලා තේරුමක් නැති හින්දා මං හිතුවා කොන්සට් එක ඉවරවුන ගාමන්ම ජූරිට මගෙ හිතේ තියන දේ කියනවා කියලා..

ඒත් පහලට එද්දි ජූරි පේන්න හිටියෙ නෑ

"ඉන්හා.. කෝ ජූරි?"

"අහ් ඔප්පා ජූරි ඔන්නි මෙඩිකෙයා එකට ගියා!"

"මෙඩිකෙයා එකට? ඇයි ඒ එයා හොදින් නේද?මොකද වුනේ එයාට? ආයෙත් තුවාල වුනාද?"

ඒක ඇහුවා විතරයි මං දෙලෝ රත් වුනා.. එදා මං ජෙනීට බැන්න හින්දා ඒකි ආයෙත් ජූරිට කරදර කරලද දන්නෙ නෑ.. මගෙ හිතට කේන්තියක් එක්කම ලොකු බයක් ආවා.. මං අහපු ප්‍රශ්න ගොඩට ඉන්හා මං දිහා පුදුමෙන් වගේ බලාගන ඉන්නවා.

Petalless Flower✔️Where stories live. Discover now