Episode 19-1🥀

793 215 0
                                    

ටේහ්‍යුන් pov

ස්ටෙෆන් කාරයා කිව්ව දෙයින් පස්සෙ හිතට දැනුන කේන්තියයි දුකයි එක්ක ගෙදර ආවට මොකද ආව වෙලේ ඉදන් මට මතක් වුනේ ජූරි ව.. කලබලේට ෆෝන් එකත් හෝබි හ්‍යුන් ගෙ ගෙදර දාලා ආව හින්දා ජූරි ට කෝල් එකක් ගන්නවත් විදියක් තිබ්බෙ නෑ මට. මුලු රෑම මං කල්පනා කලේ ඇත්තටම ජූරි ජිමිනුයි මාව රවට්ටනවද කියලා..

ස්ටෙෆන් කියන දේවල් මං කීයටවත් විශ්වාස නොකලත් ඒ ජිමින් ම වුන එක ගැන මගෙ හිතේ තිබුනෙ ලොකු දෙගිඩියාවක්.. මුලු රෑම ඇහැරගෙන එක එක විකාර කල්පනා කරපු හින්දා මට ටිකක් දවල් වෙනකල් නින්ද ගියා.

මං නැගිටිනකොට හ්‍යුන් ගෙදර ඇවිත් තිබුනා.. ඒ කියන්නෙ ජූරිත් ගෙදර ගිහින් ඇති.. උන හැමදේම එයා එක්ක කතා කරලා විසදගන්න හිතාගන මං ජූරිව හම්බෙන්න යන්න කාමරෙන් එලියට බහින්න හදනකොටම හ්‍යුන් මගේ කාමරේට ආවා.

"ටේ... ඊයෙ කාටවත් නොකියා ගෙදර ආවෙ ඇයි?"

හ්‍යුන් මගේ කාමරේට ඇවිත් මට වචනයක්වත් කියන්න නොදී එකපාරටම ඇහුවා.. ඒ මූනත් අමුතු වෙලා

"ම් මගෙ හිතට හරි නැති හින්දා මං ආවෙ හ්‍යුන්.. මියානේ හ්‍යුන්ටවත් කියලා එන්න බැරිවුනා"

"ඇයි හිතට හරි නැත්තෙ?"

"ඇයි හ්‍යුන් ට ඇහුනෙ නැද්ද ඊයෙ ස්ටෙෆන් කෑම කන වෙලාවෙ කිව්ව දේ?"

"හහ් ස්ටෙෆන්!!!"

හ්‍යුන් එහෙම කියලා අත මිටමොලවලා මේසෙට ගැහුවා

"හ්‍යුන් ඇයි මේ මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"ප්‍රශ්නයක්ද?? ඔයා දන්නවද ටේ ඔයා ඊයෙ කරපු දේ කොච්චර වැරදිද කියලා?"

"මං?? මං මොනාද කලේ?"

හ්‍යුන් කියවන දේවල් වල අගක් මුලක් තේරෙන්නැති හින්දා මගෙ ඔලුවත් විකාර වෙලා.

"ජූරි ව දාලා ආවෙ ඇයි ඊයෙ?"

"හ්‍යුන් මට ස්ටෙෆන් කාරයා කිව්ව දේ එක්ක එතන තවත් ඉන්න හිතුනෙ නෑ.. ඒකයි මං ආවෙ.. හ්‍යුන් හොදටම දන්නවනේ ජිමින් ජූරිට කැමති කියලා.. ඉතින් එහෙම එකේ ඒ දෙන්නා හග් කලා දැක්කා කිව්වම මං කොහොමද එතන තවත් ඉන්නෙ?"

Petalless Flower✔️Where stories live. Discover now