ජිමින් ගෙන් එයාගෙ ජූ ට ආදරෙන්.......❤️🥀

945 187 33
                                    

පෙරුම්දම් පිරුවාට ආදරය විදගන්න
පෙරනිමිති පල වුනේ නෑ සිහිනෙ ඉටුවන්න
නෙත් මායිමේ අහිමි පෙමක් වී හිනැහෙන්න
වූවාට කාරි නෑ ඔබ මගෙයි දැනගන්න..

කිසි දෙයක් පැතුවේම නෑ ඔබෙන් මොහොතකට
තනි හිතින් පෙම් කලා දෙදෙනෙකුට ඇතිවෙන්න
පෙම අවැසි නෑ අනේ මගෙ ලගට වී ඉන්න
අහිංසක හිනාවට හැකී හුස්මක් දෙන්න

වෙන හිතක ආදරිය වී නෙතේ ගැටුනාට
දුක දැනුනේ නෑ විරහවත් හරිම රහයි මට
ලග ඉන්න ලැබුනාට පෙම අහිමි වූ පවට
මගෙ මැණික වැරදි නෑ නොලැබීම උරුම මට

සැනසුනේ ඔය මුවේ අහිංසක සිනාවෙන්
කැපකලේ ආදරේ ඔබෙ පොරොන්දුව නමින්
බොරුකාරි මා දමා හැරගියත් මේ භවෙන්
මතු මතුත් මගෙ වෙන්න දුන් පොරොන්දුව නමින්....

සැනසුනේ ඔය මුවේ අහිංසක සිනාවෙන්කැපකලේ ආදරේ ඔබෙ පොරොන්දුව නමින්බොරුකාරි මා දමා හැරගියත් මේ භවෙන්මතු මතුත් මගෙ වෙන්න දුන් පොරොන්දුව නමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Petalless Flower✔️Where stories live. Discover now