Episode 25(final)🥀

1.7K 265 151
                                    

ජූරි අතේ තිබ්බ ෆිශ්කේක් දෙකත් බිම දාලා එතන තිබ්බ බස් හෝල්ට් එකට දුවගන ගියා.. ජිමිනුත් ඒ පස්සෙන්ම ගියෙ වෙන්නෙ මොකද්ද කියලාවත් තේරුමක් නැතුව..

"ජ් ජිමින්.. මේ ඉන්නෙ ටේ නේද??"

බස් හෝල්ට් එකේ මුල්ලක ඉදගන ගුලි ගැහිලා ඇස් පියාගන ඉන්න කෙනා දිහාට ඇගිල්ල දික් කරගන ජූරි කෑගැහුවා.. ඒ කටහඩ වෙව්ලනවා.. ජිමින් ටක්ගාලා ඒ කෙනා ලගට ගිහින් මාස්ක් එක පහලට කලා

"ටේහ්‍යුනා!!"

සීතලේ වෙව්ල වෙව්ල හිටිය ටේහ්‍යුන් ට ඇස් අරින්න ඕනි කම තිබුනත් ඇගට පනක් තිබුනෙ නෑ

"ඔය කොලුවා ඊයෙ උදේ ඉදන් ඔතන"

බස් හෝල්ට් එකට එහාපැත්තෙ හිටිය හිගන මනුස්සයාගෙ කතාව ඇහුවාම ජූරි ගෙ ඇස් දෙකේ කදුලු පුරෝගනම එතන දනගහගත්තා .. ටේහ්‍යුන් ජිමින් ගෙ ගේ ඉස්සරහ තියන බස් හෝල්ට් එකට වෙලා කලේ මොකද්ද කියලා ජූරි ටවත් ජිමින්ටවත් අමුතුවෙන් කියලා දෙන්න ඕනි වුනේ නෑ..

"ජූ එන්න අපි යන්.. මං ටේහ්‍යුන් ව අරන් කාර් එකට එන්නම්.."

ජිමින් පහත් වෙලා ටේහ්‍යුන් ව නැගිට්ටවලා තමන්ගෙ උරහිසට වාරු කරගත්තා.. ටේහ්‍යුන් මෙහෙම ඉන්නවා දකිනකොට ජිමින් ගෙ හිතත් හොදටම රිදුනත් එයා ඒක ජූරිට නොපෙනෙන්න හංගගත්තෙ කෙල්ලව තවත් අසරන කරන්න බැරි හින්දා

කාර් එකේ පිටිපස්සෙ දොර ඇරපු ජූරි ජිමින්ට ටේහ්‍යුන් ව ඇතුල්ට දාන්න දීලා එයත් එතනින් ඉදගන ටේහ්‍යුන් ගෙ ඔලුව උකුලට ගත්‍තා..
ටේහ්‍යුන් ගෙ අතපය අයිස් වගේ ගල් වෙලායි තිබුනෙ.. තොල් වේලිලා සුදුමැලි වෙලා.. ජූරි අඩ අඩම තමන්ගෙ අත් දෙක එකට අතුල්ලා ටේහ්‍යුන්ගෙ මූනට තිය තිය ටේහ්‍යුන් ව උනුසුම් කරන්න උත්සහ කලා..











ජින්,යුන්ගි,හනා,එරා හතර දෙනාම හිටියෙ ජිමින් ගෙ ගෙදර.. ජිමිනුයි ජූරි එනකල් වල් පල් කියෝ කියෝ සාලෙට වෙලා කාඩ් සෙල්ලම් කර කර හිටිය හතරදෙනා ජිමින් ගෙ උරහිසට වාරු වෙලා අමාරුවෙන් එන ටේහ්‍යුන් ව දැකලා කාඩ් ටිකත් අතෙ තියාගනම හිටපු තැන් වලින් නැගිට්ටා..

Petalless Flower✔️Where stories live. Discover now