Episode 4🥀

1K 266 18
                                    


ජූරි pov

මේ මොන අවනඩුවක්ද දෙයියනේ..කව්ද ජිමින් කියන්නෙ ? මං කවද්ද එයාගෙ කකුල කැඩුවෙ? මට පුලුවන්ද අනේ කාගෙහරි කකුලක් කඩන්න?

කඩෙන් ස්ප්‍රයිට් බෝතලයක් ගත්තාම ඒකෙ මූඩිය ඇරගන්න මං විදින දුක දන්නවනම් මේගොල්ලො මේ කතාව කවදාවත් කියන්නෙ නෑ.. මේක විසදගන්න වෙන විදියක් නෑ.. ජිමින් කව්ද කියලා අහගන්න වෙන්නෙත් මෙයාගෙන්ම තමයි..

ඒත් මං කොහොමද අනෙ මේ යස්ස කොටියගෙන් ඒක අහන්නේ.. අහනවා තියා ඔලුව උස්සගන්නත් බයයි මට.. ඒත් කරන්න දෙයක් නෑ.. මේක අහන්නත් ඕනේ..මටත් දැනගන්න ඕනෙ මං කාගේ කකුලද කැඩුවෙ,කවද්ද මං එහෙම කලේ ,ඇයි මං එහෙම කලෙ කියලා.. ඔක්කොටම වඩා මං දැන් ඔලුව ඉස්සුවෙ නැත්තම් ආයෙ කවදාවත් උස්සන්න මට ඔලුවක් ඉතුරු වෙන එකක් නෑ.. අනේ දෙවියනේ මට උදව් කරන්න.. මං බොහොම අමාරුවෙන් ඔලුව ඉස්සුවා..

හැබැයි කොටි පැටියා දිහානම් බැලුවෙ නෑ. මට බලන්න බෑ බයයි.

මගෙ ඇස් කෙලින්ම ගියෙ හා මූන දිහාවට.

ඒ මූන මං දිහා බලාගන කට කොනකින් හිනාවනවා.. මං හොදටම දන්නව මේ හාවාත් එකතු වෙලා තමයි මට කරදර කරන්නෙ කියලා ඒත් මට එයා එක්ක කිසිම තරහක් හිතුනෙ නෑ. ඒ මූන බලාගන තරහ ගන්නත් බෑ..

"ක් කව්ද ජිමින් කියන්නෙ??"

මගෙ කටහඩ වෙව්ලනවා... උගුරත් දැවිල්ලයි.. මට ඇඩෙන්න එන්නේ! අඩන්න නම් එපා ජූරි ප්ලීස් අඩන්නෙපා.. මං මටම කියාගත්තා.. හාවා මගෙ ඇස් දිහා බලාගන නෝන්ඩියට හිනාවුනා. උත්තර දෙන්න එයාට වුවමනාවක් නෑ වගේ..

කතා කරන්නකො.කටහඩ හරි අහන්න ඕනේ උත්තරේ නැතත් කමක් නෑ.. මට එහෙම හිතුනා.. ඇත්තටම මට එයාගෙ කටහඩ අහන්න ඕනෙ කම තිබුනා..

මේවට තමා කියන්නෙ නැව ගිලුනත් බෑන් චූන් කියලා..ඒත් එයා කතාකරන පාටක් නෑ.. මේ මනුස්සය ගොලුවෙක්ද දන්නෙ නෑ.. පව්!!

හැබයි ඒ වෙනුවට වෙන සුමිහිරි කටහඩක් නම් ආවා..

"යා.. තමුන්ට මෙතන කතා කලේ මං! මං දිහා බලලා මට උත්තර දෙනවා ජන්ග්කුක් ගෙන් මොනාද අහන්නෙ"

Petalless Flower✔️Where stories live. Discover now