匚卄卂卩ㄒ乇尺 - ౹

1.1K 181 54
                                    

Lis p.o.v

____________________________

මම උදේ ඇහැරෙනකොට එයා මගේ එහා පැත්තේ නැහැ. කුස්සිය පැත්තෙන් සුවඳක් නම් ආවා. නැගිටින්න හදද්දි දැනිච්ච වෙව්වලා යන වේදනාවට පහළ බැලුවහමයි මට දෙලොව රත් වුණේ.

ඊයේ රෑ... ම්ම්ම්.. අපි?

මට ඇවිදගන්නත් බෑ වගේ දැනුණත් කොහොම හරි ඇඟ හෝදලා ළඟ තිබ්බ ෂෝට් එකකුයි ලොකු කමිසෙකුයි ඇඟට දාගෙන කුස්සියට බඩ ගෑවා.

යනකොට මෙන්න මෙයා උයනවා. අනේ දෙයියනේ ඊයේ රෑට පස්සේ මෙයාට තාමත් නැගිටලා ඉන්න පුළුවන්ද? ඔව්නේ එයානේ මට ඒක කළේ. මම තමයි විඳවන්න ඕන.

හරි, දැන් ඔයා මෙයා ගෑවා මදෑ... මගේ නම් ලිස්. ලිසා නෙවෙයි. නිකන්ම ලිස්. එතකොට එයා තමයි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඩියා.

දැන් ඉතින් උඩ බිම බලන්න එපා ගෑනු ළමයි දෙන්නෙක් කොහොමද එහෙම වුණේ කියලා. ඒක දන්නැත්තම් ඔයාට විද්‍යාව බැහැ. ඒ නිසා සයන්ස් ඉගෙනගෙන ඇවිත් මගේ කතාව අහන්න.

අපි දෙන්නටම ගෙවල්වලින් යන්න වුණා අපි දෙන්නා ගැන ගෙදරින් දැන ගත්ත වෙලාවේ. ගෙවල් දෙකටම ඕන වුණේ නැහැ සමලිංගික ළමයි. ඒත් මොනවා කරන්නද? අපිට දැනෙන හැඟීම් වෙනස් කරන්න බැහැනේ ඉතින්.

'නූනා...' මම ඇද්දා.

නූනා පිටිපස්ස හැරිලා බැලුවා. සුරංගනාවි වගේ බලපු ලස්සන. 'ඇවිදගන්න පුළුවන්ද?'

මම රතු වුණා. 'පු..පුළුවන්...'

'එන්න වාඩිවෙන්න.' එයා මාව උස්සලා උය උය හිටපු තැන එහා පැත්තේ කවුන්ටරෙන් තිබ්බා.

මට කෙඳිරි ගෑවුණා. 'ආව්...'

මෘදු හුස්මක් එක්ක ඩියා මගේ නළල ඉම්බා. 'ටිකක් ඉන්න... අපි උයලා ඉවර වෙලා මොකක් හරි කරමුකෝ.'

එයා උයලා ඉවර වුණ ගමන් අපි දෙන්නා සාලෙට ගියා. මම ගියා නෙවෙයි බඩ ගෑවා. මං අහන්නේ පළවෙනි සැරේ ඔහොම සැරට යන්න හොඳද?

අපි දෙන්නගේ සාලෙට හරිම ලස්සනට පාර පෙනුණා. අපි මේ ගෙදරට ආවේ ඊයේ. හරිම ලස්සන පොඩි ගෙදරක්. අපි දෙන්නා විතරනේ. ළමයි හදන්නත් බැහැනේ ඉතින් මොකද? ඉඳලා මැරිලා යන්න බැරියෑ.

ඩියා සෝපාවේ කොණක වාඩි වුණේ මාව අනික් කොණෙන් ඉන්ඳවමින්. ඒත් ඉතින් එයා දන්නවා විනාඩියක් යද්දි මම එයාගේ ඇඟ උඩ කියලා. මම කැමතියිනේ බදාගෙන ඉන්නවට. ඩියා ගෙදර හිටියොත් මම එයාගේ ඇඟ උඩ. එයා නැත්තම් රෙද්දක් බදාගෙන හරි ඉන්නවා.

කිව්වත් හරි ඉතින් කෑම කන ගමන් මම එයාගේ ඇඟ උඩින් වැතිරුණා. අපේ කකුල් එකට පැටලුණේ මගේ පපුවට උණුසුම් හැඟීමක් දෙමින්.

'බබා... දැන් අපි පාරේ යනකොට මිනිස්සු අමුතු විදිහට බලයි... ඒවා ගණන් ගන්න එපා හරිද?' නූනා යටි තොලෙන් මගේ බෙල්ල පිරිමදින ගමන් මැතිරුවා.

උත්තරයක් වෙනුමට මගෙ කටින් කෙඳිරිල්ලක් නම් පිට වුණා. මෙයත් එක්ක බැහැනේ අනේ. පැයක් නිකන් ඉන්න දෙන්නේ නැහැ අවුස්සනවා. අවුස්සලා කියනවා මම වල් කෙල්ලෙක්ලු.

ඊයේ රෑ ම්ම්... පූස් කන් දෙකක් දා ගන්නකන්ම මගේ බෙල්ල හැපුවා. හරිම රිදෙනවා ඒකනම්. එයාට නම් ඉතින් මොකෝ... මමනේ එයාගේ යට ඉඳන් කෙඳිරිගාන්නේ.

මේක මහ පටලැවිල්ලක් වගේ නේද?

මෙන්න මෙහෙමයි වුණේ. අපි දෙන්නා මේ ළඟදි නගරේ තනියම පදිංචියට ආවා ගෙවල්වලින් අපේ සම්බන්ධෙට කැමැත්තක් නොතිබුණු නිසා. මුලින් අඩු කුලියට ඉන්න තැනක ඉඳලා සල්ලි ටිකක් හම්බුණහම අපි දෙන්නටම ඉන්න අපාර්ට්මන්ට් එකක උඩ තට්ටුවක් ගත්තා. ඊයේ තමයි අපි දෙන්නා මුලින්ම ... අහ් ... උහ්.... ම්ම්... ලිංගික සම්බන්ධයක් පටන් ගත්තේ. අපිට නිදහසක් හම්බුණේ ඊයෙනේ. රෑ ඕක කළොත් ආයෙත් නැගිටින්න බැරි වෙන නිසා අපි දෙන්නටම සතියක් නිවාඩු ගන්නත් වුණා.

ආදරේට කරන්න බැරි දෙයක් නැහැලුණේ.

අර කිව්වා වගේ මම ලිස්. මට වයස විසි එකයි. මම වැඩ කරන්නේ බුක්ෂොප් එකක. එතකොට ඩියාට වයස විසි හයයි. එයා වැඩ කරන්නේ ඩිසයිනින් ක්ලබ් එකක. අපි දෙන්නට හුඟක් එකට ඉන්න හම්බ වුණේ රෑට තමයි.

ඒ මොන දේ වුණත් මම එයාට හුඟක් ආදරෙයි. එයා මගේ නූනා. මම එයාගේ kitten.

(A/N - Noona කියන්නේ කොරියන් වලින් girlfriendට හරි පිරිමි ළමයි ගෑනු ළමයින්ට කියන එකට හරි. ගෑනු ළමයෙක් ගෑනු ළමයෙක්ට කියන්න ඕන උන්නි කියලා ඒත් අපි දෙන්නා ඊට වඩා දෙයක් නිසා එයා මගේ නූනා.)

දැන් අපි දෙන්නගේ කතාව අහන්න ඔයාලා හැමෝම ලෑස්තියි. එහෙනම් හැමෝම කියවන්න මම නූනගේ පූස් පැටියා වුණේ කාෙහොමද කියලා.

____________

නම් ගම් සහ සියල්ල මනඃකල්පිතයි.

ɴᴏᴏɴᴀ'ꜱ ᴋɪᴛᴛᴇɴ  - [ɢʟ]Where stories live. Discover now