匚卄卂卩ㄒ乇尺 - ੫

597 157 26
                                    

පාටිය දවසේ ඒ අක්කගේ නම්බර් එක මට හම්බුණා. මම සෑහෙන්න සතුටින් හිටියත් අයියගේ ෆා්ෙන් එකෙන් පරිස්සමින් කතා බහ කරන්න වෙන බව මතක් වුණ නිසා ඒ සතුට සෘණ වුණා.

හවස මම අයියා නාන්න ගිය වෙලාවේ ෆාේන් එක ඉස්සුවා.

ලියම්

හෙලෝ අක්කේ.

ඩියා

කවුද මේ?

ලියම්

ම්ම්ම... පූස් පැටියා.

ඩියා

ආ... කවුද ලියම් කියන්නේ?

ලියම්

අයියා....

ඩියා

ආ හරි පැටියෝ මම ඔයාව සේව් කරගන්නම්කෝ. දැන් මම ගෙදර වැඩ කරන්න යනවා. මම පස්සේ එන්නම් හොඳේ?

ලියම්

අහ් හරි... මම නම් ආයෙන් ඔන්ලයින් එන්නේ අයියා නැති වුණ වෙලාවට... එතකන් පරිස්සමින් ඉන්නකෝ අක්කේ.

ඩියා

ඔයත් පරිස්සමින් පැටියෝ....


මම අයියගේ ෆා්ෙන් එක තිබුණු තැනින් තියලා අහිංසක ළමයා වගේ ගිහින් මගේ කාමරේ වාඩි වෙලා හෝම්වර්ක් කරන්න පටන් ගත්තා.

පයිතගරස් පතයෙක් නොවී පත ගණන් හදපු එක මට ලොකු ගැටළුවක් වුණත් මම සමලිංගිකයි කියලා අම්මලා දැනගත්තු දවසට එන්නේ ඊටත් වඩා ලොකු ගැටළුවක් බව මට තේරුණා.

දෙවරක් තුන හයයි නම් තුනේ වර්ගය නවය වුණේ කොහොමද මං අහන්නේ? වෙන්න බැහැ ඒත් වෙලා තියෙනවා...

මඟුල මට නම් බැහැ ගණන් හදන්න. මම මානසිකව වැටුණා. අයියා තාම එන පාටක් නැහැ. මම ආයෙත් සැරයක් ෆා්ෙන් එක අරන් කාට හරි කියලා උදව්වක් ගන්න බැලුවා.

contact list එකම හිස්නේ අප්පා. අයියගේ බණ්ඩියා, දණ්ඩි මාළුවා, සාල පාසියා කියන යාළුවන්ගෙන් මොන උදව්වක්ද?

උදව්වකට පෙනුණ එකම නම්බර් එක අර අක්කා... මම මැසේජ් එකක් දැම්මා.

_____________________________________

අක්කේ මට ගණන් පාඩමක් කියලා දෙන්න පුළුවන්ද?

මොකක්ද පැට්ටෝ පාඩම?

වර්ග

ආ... ඉන්න මම ඔයාට මගේ නෝට් එකක් එවන්න. ඒක කියවලා තේරුණේ නැත්තම් අහන්නකෝ ආයෙත්...

හරී....

____________________________

දෙවියන්ගේ නාමෙන් මට යන්තම් ඒ පාඩම තේරුම් ගන්න ඒ අක්කා එවපු නෝට් එකට පුළුවන් වුණා. සෑහෙන්න කාලෙකට පස්සේ මම ගණන් සේරම හරියට හදාගෙන පන්තියට ගිය දවසක් උදා වුණා.

අපේ පන්තියේ බ්‍රයිට් පොරවල් ටිකගේ කටවල් නිකටෙන් පහලට වැටුණේ මේ මෝඩයත් ගණන් හැදුවනේ කියන්න වගේ.

මම මෝඩයෙක් වෙන්න ඇති.

ඒත් ඔයාලා හිතන තරම් නෙවෙයි.


ɴᴏᴏɴᴀ'ꜱ ᴋɪᴛᴛᴇɴ  - [ɢʟ]Where stories live. Discover now