匚卄卂卩ㄒ乇尺 - ੪

578 150 25
                                    

'ඩියා... ඔයාට පුළුවන් දැන්ම ගෙදරින් එලියට යන්න ඔයාගේ චූටි නංගි බබත් එක්ක...' ඇමතුමෙන් පස්සේ අන්කල් කිව්වේ මගේ උගුරේ ගෝවා කෑල්ලක් හිර කරමින්.

'ඒ වගේම ආයේ නාවටත් කමක් නැහැ.'

'මොකක්ද වුණේ?' ඩියා අක්කගේ අම්මා ඇහුවේ පුදුමයෙන්.

'මේ අපේ දුව කියන එක්කෙනාගේ දයාබර පෙම්වතියලු මේ ඉන්නේ.. දැන් එයාගේ ගෙදරින් කතා කළේ...'

'oh shit...' මට මිමිණුනා.

'තාත්තේ..' ඩියා අක්කා මිමිණුවා.

එයාගේ අක්කා මැද්දට පැන්නා. 'මම දැනන් හිටියා තමුසේ සමලිංගිකයෙක් කියලා!'

'ඉතින්? මොකක්ද ඒකේ වැරැද්ද? මං වගේම කෙනෙක්ට මම කැමති එකද? නැත්තම් මම ඔයා වගේ කොල්ලන්ට කැමති නැති එකද? ආදරේ කියන්නේ ආදරේමයි. ආදරෙත් ඇද හොයන්නේ මෝඩයෝ... අපි ඔක්කොම ඉපදෙන්නේ එක විදිහට. රතු ලේ එක්ක. ඔයයි මායි ඔක්සිජන් හුස්ම ගන්නේ. ඒක වෙනස් විදිහට දකින්න තරම් ඔය හැමෝම හරි මෝඩයි කියලා මම දැනන් හිටියේ නැහැ!' ඩියා අක්කා වේගෙන් හුස්ම ගන්න ගමන් කෑ ගහන එක නතර කළා.

ඊළඟට එයා මං දිහාට හැරිලා මගේ අතින් ඇද ගත්තා. 'එන්න ලිස්. අපි දෙන්නා යමු. මේ වගේ මෝඩයෝ එක්ක අපිට ඉන්න බැහැ.

පැය බාගෙකට පස්සේ අපි දෙන්නා සීතලට ගැහෙමින් පාරේ ගුලි වෙලා හිටියා. ගෙයක් කුලියට ගන්නත් උදේ වෙනකන් ඉන්න වෙනවා කියන එක අපිට මතක් වුණේ නෑ.

'මේ හැමදේම මම නිසයි...' මම එක පාරට අඬන්න ගත්තා.

'ඔන්න ඉතින් මගේ අඬන බබා... අහන්නකෝ මගේ පූස් පැට්ටෝ... ඔයා කරපු දේවල් වල වැරැද්දක් නැහැ. මිනිස්සුන්ට අපිව තේරුම් ගන්න බැහැ. ඒකයි අවුල... ඔයාට තේරෙනවද?'

මම කඳුළු අතරින් ඔළුව වැනුවා. 'ඔව්...'

'දැන් හොඳ ළමයා වගේ අඬන්න එපා හරිද?'

මම ආයෙත් ඔළුව වැනුවා.

ɴᴏᴏɴᴀ'ꜱ ᴋɪᴛᴛᴇɴ  - [ɢʟ]Where stories live. Discover now