匚卄卂卩ㄒ乇尺 - ౹੦

641 152 21
                                    

අන්තිමට ඒ දවසත් ආවා. අලුත් ගෙදර...

සුදු පාට පුංචි ගෙදරක්. මට හරි සතුටක් දැණුනා. පළවෙනි වතාවට මං සමලිංගිකයි කියලා හංගන් ඉන්න ඕන නැති තැනක්... මට මං වගේ ඉන්න පුළුවන් තැනක්...

අපි ගෙදර අස් කරන්න පටන් ගත්තා.

'දැන් සතුටුද ඔයාට මගේ පූසි?' අක්කා ඇහුවා.

මම එයාග‍ේ ඇඟට පැන්නා. 'නැත්තම්! මේක අපේ ගෙදරනේ...'

එයා මගේ කොණ්ඩේ අතරින් ඇඟිලි යවලා මාව තුරුල් කරගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා මගේ කොණ්ඩේ අතරින් ඇඟිලි යවලා මාව තුරුල් කරගත්තා. 'ඔව් මේක අපේ ගෙදර... අපි අපි වගේ ඉන්න එකම තැන.'

'මම වැඩට ගිහින් එන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'මම වැඩට ගිහින් එන්නම්.. අක්කට පුළුවන්නේ ඉතුරු ටික බලාගන්න?' මම ඇහුවා.

එයා ඔළුව වැනුවා. 'මම ඒ ටික බලා ගන්නම්... ඔයා ගිහින් එන්නකෝ. මතක ඇතුව සතියකට විතර නිවාඩුවක් ගන්න. මාත් ගත්තා. අපි දෙන්නා ටික දවසක් එකට ඉමු...'

මම හිනාවෙලා එයාගේ අතින් බැස්සා. අක්කා මගේ නළල ඉම්බේ පරිස්සමින් ඉක්මනට ගිහින් එන්න කියලයි.

අතට අහුවුණ ඇඳුමක් ඇඳගෙන මම ඉක්මනට එතනින් දිව්වේ පරක්කු වෙලා වැඩට යන එක කැත වැඩක් නිසයි.

ɴᴏᴏɴᴀ'ꜱ ᴋɪᴛᴛᴇɴ  - [ɢʟ]Where stories live. Discover now