Chapter 12

707 148 16
                                    

දැන් අපි දෙන්නා උදේ කෑම ගන්න ගමන් හිටියේ. ලිස් මගේ ඇඟ උඩින් වැතිරිලා ජනේලෙන් එළිය බලන් හිටියා. කිසිම සද්දයක් නොකර මම එයාගේ මූණ දිහා බලන් හිටියේ ඒ බැල්ම එයාගේ මූණෙන් අයින් කරන්න මට ඕන වුණේ නැති නිසයි. ඇස් දෙකත් ලොකු කරගෙන පාන් කෑල්ලක් හපන ගමන් පාරේ යන වාහන දිහා බලන් ඉන්න අවුරුදු විසි එකක ගෑනු ළමයෙක්. හරිම ලස්සනයි.

උගුරෙන් පහළට පාන් කෑල්ල ගිලපු එයාට තේරුණා මම එයා දිහා බලන් ඉන්න බව. 'ඇයි?'

මම නැවිලා එයාගේ තොල් දෙක හැපුවා. 'පූසෙක් වගේ...'

එයා හිනාවුණා. ඒත් එක්කම මට මතක් වුණේ මම එයාට ගත්තු තෑග්ග. 'ලිස්...'

ලිස් ආයෙත් මං දිහා බැලුවා. 'ඇයි නූනා?'

ඊට පස්සේ එයා බලන් හිටියා මම එයාගේ බෙල්ල වටේ ඒක දානකන්.

කොලර් එකක්.

ලොකු ඇස් දෙකකින් බලාගෙන කොලර් එක දානකන් බලන් හිටපු ලිස් ඒක දාලා ඉවර වුණහම මගේ ඇඟ උඩට කඩන් පැන්නා.

'මම ඔයාගෙද?'  එයා ඇහුවා.


මට හිනා ගියා.



'ඔව් ඔයා මගේ තමයි.'

__________________________________


- නිමි -

ɴᴏᴏɴᴀ'ꜱ ᴋɪᴛᴛᴇɴ  - [ɢʟ]Where stories live. Discover now