匚卄卂卩ㄒ乇尺 - ੩

637 157 44
                                    

එදා ඒ කියපු කතාව මම වැඩිය තේරුණේ නැති නිසා හිතන්න ගියේ නැහැ. මම මනුස්සයෙක්නේ. කොහොමද පූසියෙක් වෙන්නේ?

එදා ඒ දවසින් පස්සේ මට ඒ අක්කව මාස තුනක් යනකන් හම්බවුණේ නැහැ. ඩියා ලියාඒ. හරිම ලස්සන නමක්...

මාස තුනක් ගිය තැන මට එයාව හම්බවුණේ තෑගි උත්සවේක බාත්රූම් එකේදි. මම හිටියේ අඬ අඬ. මගේ යාළුවගේ අම්මා මම ඇඳන් හිටපු ඇඳුමට බැන්නා. කළු පාටයි මූසලයි කියලා. මමත් එයාගේ ළමයව මූසල කරයි කියලා මට එයාගෙන් ඈත් වෙන්න කිව්වා. ඒ වෙලාවේ හිනා වෙලා හිටියත් මම හිටියේ සෑහෙන්න දුකින්.

එක පාරට කවුරු හරි මගේ උරහිස් වටේ අත් යැව්වහම මම පුදුම වෙලා අනික් පැත්ත හැරුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක පාරට කවුරු හරි මගේ උරහිස් වටේ අත් යැව්වහම මම පුදුම වෙලා අනික් පැත්ත හැරුණා.

ඒ අක්කා?

එයා නිල් පාට ගවුමක් ඇඳන් මාව බදාගෙන හිටියා.

'මොකෝ මේ අඬන්නේ?' එයා ඇහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'මොකෝ මේ අඬන්නේ?' එයා ඇහුවා.

'මම...' මම ඉකි ගහන්න ගත්තා.

'අනේ පැටියෝ අඬන්න එපා...' එයා මගේ නිකටෙන් අල්ලලා මගේ මූණ එයා දිහාට හරව ගත්තා. 'අනේ මේ අපේ පූස් පැටියනේ. මොකද මේ අඬන්නේ?'

'මගේ යාළුවගේ අම්මා කිව්වා කළු පාටට මම හරිම මූසලයි කියලා.' මම ආයෙත් සැරයක් අඬන්න වුණා.

'ඈ?' අක්කා පුදුම වුණා. 'ඔයා ඔය බෝනික්කා වගේ ඉන්නේ? ඒ ගෑනි පොට්ටද? නැත්තම් ඇස් පාරේ හලලා ඇවිත්ද?'

ඇඬිල්ල මැද්දෙන් මට හිනාවකුත් ගියා.

'අන්න එහෙම හිනා වෙන්න! ඒ ගෑනි නම් කණ්ණාඩි ගන්න ඕන ඇත්තටම! සල්ලි නැත්තම් එන්න කියන්න මම සායනේකට එක්කන් යන්න...' අක්කා කිව්වෙත් හිනාවක් එලියට දාමින්.

'අයියෝ මම ඔයාගේ ඇඳුමේ හොටුත් ගෑවා...' මට කියවුණේ එයාගේ ඇඳුමේ මම ඉතිරි කරපු හොටු පැල්ලමක් දැකලයි.

එයා ටිෂු එකක් තෙම්මලා මගේ මූණ පිහ දැම්මා. ඊට පස්සේ තවත් එකකින් එයාගේ ගවුමත් පිහ දැම්මා. 'දැන් හරි. එන්න අපි ඔයාට මේකප් ටිකක් දාලා ආයෙත් උත්සවේට යමු. ඔයාට නටන්න පාට්නර් කෙනෙක් ඉන්නවද?'

'නෑ...' මම රතු වෙමින් කෙඳිරුවා.

'ම්ම්ම්...' එයා ලිප්ස්ටික් එකක් අරන් මං ගාවින් දණ ගහ ගත්තා. 'ඒක නම් සෑහෙන්න අපරාධයක්... ඔයා වගේ චූටි බෝනික්කෙක්ට අකමැති වෙන මෝඩ කොල්ලා කවුද?'

මම පිරිමි ළමයින්ට කැමති නැති බව කියන්න මට හිතුණත් හිනාවක් දාලා මම නිහඬ වුණා. මට ඕන වුණේ නැහැ තවත් කෙනෙක් නැති කරගන්න.

ඩියා අක්කා මට ලිප්ස්ටික් ටිකක් ගාලා මූණට පවුඩර් ටිකක් දැම්මා. 'වුහ්...' එයා හුස්මක් පිට කළේ මගේ කොණ්ඩෙත් පීරමින්.

'දැන් ඔයා හරිම ලස්සනයි... අපි ගිහින් ඔයාට නටන්න ලස්සන පිරිමි ළමයෙක් හොයමු. සමහරවිට එයා ඔයාගේ ආත්ම සහකරු වෙන්නත් බැරි නැහැ...'

මට හිනාවෙන්න හිතුණේ නැතත් මම හිනා වුණා. පිරිමි ළමයෙක් එක්ක මම?

නෑ!

ඒක නම් මේ ආත්මේ නෙවෙයි. සමහරවිට මම මාව බඳින කොල්ලව තව කොල්ලෙක්ට සෙට් කරලා යන්න යයි. ඒක නම් හරිම වෙන්න පුළුවන් දෙයක්.

අක්කා මගේ අතින් අල්ලගෙන ශාලාවට එක්කන් ගියා. 'අපි ලස්සන කොල්ලෙක් හොයන්නේ කාෙහොමද? ඔයා කැමති මොන වගේ අයටද?'

'මම? ම්ම්...' මම ගොත ගහන්න ගත්තා.

'අයියෝ ලැජ්ජ වෙන්න එපා අනේ. මම නම් කැමති ගෑනු ළමයින්ට. ඔයා ඒ වගේ සම්බන්ධ ගැන දන්නවද දන්නෙත් නැහැ...'

ඒ පාර මාව රතු වුණේ පුදුමෙට සතුටටද ලැජ්ජාවටද කියලා මටම හිතාගන්න බැරි වුණා. 'මම පිරිමි ළමයින්ට කැමති නැහැ...' මමත් කෙඳිරුවා.

'අනාව්... හරිම කියුට් ඔයා නම්. ඒත් බබෝ ඕක කාටවත් දැන් කියන්න එපා හරිද? අපේ වටේ ඉන්න අය ඕවා පිළිගන්නේ නැහැනේ...'

මම හිනා වෙලා ඔළුව වැනුවා.

'හොඳ පූසි. දැන් එහෙනම් අපිට නටන්නත් බැරි නිසා ගිහින් මොනවා හරි කමුද?'

'අහ්?'

'ම්ම්ම්... අපි දෙන්නා ගිහින් කමු. මගේ යාළුවෝ ටිකනම් නටනවා ඇති. මට නටන්න කැමැත්තක් නැහැ. ඔයා නටන්නෙත් නැත්තම් අපි යමු කන්න. මෙතන ගොඩක් කෑමත් ඇතිනේ.'

මම ඔළුව වැනුවා.

ජීවිතේ පළවෙනි වතාවට මට ජීවිතේ නිදහස දැනෙන්න ගත්තා.

ɴᴏᴏɴᴀ'ꜱ ᴋɪᴛᴛᴇɴ  - [ɢʟ]Where stories live. Discover now