匚卄卂卩ㄒ乇尺 - Ƽ

583 152 29
                                    

කාලයත් එක්කම මට ඩියා අක්කා ගැන තියෙන හැඟීම් වෙනස් වෙන්න ගත්තා. ඔයාලා දන්නවනේ ඉතින්... අර අර වගේ දේවල්...

ඒක එයාටත් තේරුණ බවක් මම දැනන් හිටියත් අපි දෙන්නා වෙනදා වගේම කතා කරා. ඒත් ඉතින් පොඩි දුරස් වීමක් ඇති වුණ බවත් නොකියම බැහැ.

මගේ පහළොස්වෙනි උපන්දිනේට එයත් ආවා සමරන්න. යන්තම් හරි අපි දෙන්නා ආයිත් ලං වුණේ ඒක නිසයි.

අපේ ගෙදර ගැන කියනවනම් එයාලට ඩියා අක්කා තරම් කෙනෙක් තවත් නැහැ. මට ගණන් කියලා දෙන එක ගැන හැමෝම එයාට උදේ හවා පිං දුන්නා.

ඒ එදා හවස, මගේ දාසයවෙනි උපන්දිනේ දවසේ. අපි දෙන්නා හවස බැල්කනියට වෙලා ඉර බහින එක දිහා බලන් හිටියා. ඒක හරිම සිත සනසවන දර්ශනයක්. ඔයා කැමති කෙනා එක්ක ඇඟිලි පටලවන් ඉර බහින දිහා බලන් ඉන්න එක හරිම ලස්සන අත්දැකීමක්, මාව විශ්වාස කරන්න.

'ඉතින් දැන් ඔයා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ මාත් එක්ක?' ඩියා අක්කා හිටි ගමන් ඇහුවා.

මම හිනා වුණා. 'මම මොනවත් හිතන්නේ නැහැ... වෙන දෙයක් වෙන්න දීලා බලන් ඉන්නවා...'

අක්කා හෙමින් මගේ අත මිරිකුවා. 'පිස්සු පූසි...'

'ඔයාගේ ලස්සන පිස්සු පූසි...' මම නහය අකුලමින් කිව්වා.

'කවුද කිව්වේ ඔයා ලස්සනයි කියලා?'

'අනේ....!'

අපි දෙන්නම මහ හඬින් හිනා වුණේ අක්කා එක පාරටම මගේ කොණ්ඩෙන් ඇද්ද නිසයි.

'දැන් අම්මා එන්න කලින් යමු... නැත්තම් ඉතින් අපි දෙන්නා ඉවරයි. මට යන්න තැනකුත් නැහැ තාම...'

'හරි හරි'

__________________________________

එදා රෑ කෑමට මමයි අම්මයි තාත්තයි අයියයි වාඩි වෙලා හිටියා.

'දැන් ඔයාට පිරිමි ළමයෙක් එහෙම ඉන්නවද ලිස්?' එකපාරට අම්මා ඇහුවේ මම කකා හිටපු ගෝවා කෑල්ල හිර කරවමින්.

'මාෙකක්?'

'දෙවියනේ ඔයාට දාසයක් වෙනවා... කොල්ලෙක් නැද්ද කියලා ඇහුවේ?' තාත්තා බැමක් උස්සමින් රැව්වා.

'තාම නෑ...' මම කිව්වා.

කොල්ලෙක් කෙසේ වෙතත් කෙල්ලෙක් නම් ඉන්නවා  මගේ හිත මිමිණුවා.

වතුර ටිකක් බීලා ආයෙත් සාමාන්‍ය විදිහට මම කන්න උත්සාහා කළත් ගෙදරම අයගේ බැල්ම මං දිහාට යොමු වෙලා තිබුණ බව මට තේරුණා.

'ඔයා මොනවා හරි අපිට හංගනවද?' තාත්තා ඇහුවා.

මම අහිංසක විදිහට ඇස් ලොකු කරලා බැලුවා. 'මොන වගේ දෙයක්ද?'

'ඔයාට කවුරු හරි විශේෂ කෙනෙක් ඉන්නවද?'

'තාත්තේ! අයියා පහළව වෙද්දි කෙල්ලෙක් හිටපු පලියට මට ඉන්නේ නැහැනේ... විකාර කියවන්න එපා...' මම රැව්වා.

'අයියට කෙල්ලෙක් හිටියා කියලා ඔයා කෙල්ලෙක් හොයාගන්න එපා... අපිට සමලිංගිකයෙක් ඕන නැහැ මේ ගෙදරට.' අම්මා බරපතල විදිහට කිව්වේ මගේ ලේ සීතල කරමින්.

මම කෑම පිඟානට බර වුණේ මූණ හංග ගන්නත් එක්කයි. 'හ්ම්ම්... මම එහෙම නැහැ...'

අම්මා තාත්තා දිහාට බැල්මක් දැම්මා. අපේ ගෙදර මට හොරෙන් මොකක්ද එකක් යන බව මට තේරුණත් ඒ මොකක්ද කියලා මට තේරුම් ගන්න බැරි වුණා. ඩියා අක්කා එක්ක ඉඳිද්දි මීට වඩා පරිස්සම් වෙන්න ඕන බව මට තේරුණා.

ගෙදර වෙන දේ මොකක් වුණත් එයාලට මං ගැන මොකක් හරි තේරිලා ඇති බවනම් මගේ ඇමීබෙක් තරම් මොලේට යන්තමට තේරුම් ගන්න පුළුවන් වුණා.


ɴᴏᴏɴᴀ'ꜱ ᴋɪᴛᴛᴇɴ  - [ɢʟ]Where stories live. Discover now