匚卄卂卩ㄒ乇尺 - ੧

578 154 9
                                    

ඒ ගෙදර නම් හරිම මූසල තැනක්. ඒත් ජීවත් වෙන්න වෙන නිසා අපි දෙන්නට සෑහෙන දුකක් විඳන් වුණත් එතන ජීවත් වෙන්න වුණා.

හැමදාම එයා වැඩට යනවා. එන්නේ රෑ වෙලා. මම කැම්පස් යනවා බුක් ෂොප් එකේ වැඩ කරලා හවස ඇවිත් උයනවා. අපි දෙන්නට කතා කරන්නවත් හරි හමන් වෙලාවක් තිබ්බේ නෑ. කාලයත් එක්කම මට හැමදේම එපා වෙන්න ගත්තා.

අපි දෙන්නා එතනට ඇවිත් අවුරුදු තුන පිරෙද්දි යන්තම් අපිටම කියලා ගෙයක් ගන්න තරම් සල්ලි එකතු කරගන්න අපිට පුළුවන් වෙලා තිබ්බා.

ලොකු ගෙයක උවමනාවක් අපි දෙන්නගෙන් කාටවත් තිබුණේ නැහැ. ඉතින් අපාර්ට්මන්ට් එකක උඩ තට්ටුවක කාමරයක් සල්ලි දීලා ගන්න අපි තීරණය කළා.

ඒකට සල්ලි ගෙවුවහම අපිට කිසිම දෙයක් ඉතුරු නොවෙන බව අක්කට තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ නිසාම තවත් ටිකක් කල් අපිට මේ විදිහට ඉන්න වෙනවා කියලත් තේරුණහම මාව කඩන් වැටුණේ මටත් හිතාගන්න බැරි තරම් විදිහටයි.

කැම්පස් එකේ විභාගයට කලින් දවසේ රෑ මට උයන්න හිතුණේ වත් නැහැ. ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම මම සෝෆාවේ ගුලි වුණා.

රෑ ඩියා එනකොටත් මම ඒ විදිහමයි.

'මොකද මේ?' එයා ඇහුවා.

මම ඔළුව ඉස්සුවේවත් නැහැ. මට එහෙම කරන්න බැහැ වගේ දැණුනා.

'ලිස්?'

'ලිස්????' අක්කා ඇහුවේ මගේ උරහිස්වලින් හොලවමින් මාව උස්සන අතරෙයි.

එක පාරටම මම අඬන්න ගත්තේ මටත් නොදැනීමයි.

'අනේ...'

එයාගේ අත් මගේ වටේ යැවුණා. 'අඬන්න... කමක් නැහැ... මම දන්නවා මේක ඔයාට හුඟක් අමාරුයි කියලා. ඒත් තව ටික කාලයයි. අඬලා දුක පිට කරන එක ඔයාටත් හොඳයි...'

මම අක්කව තදින් බදා ගත්තේ මට එයාට යන්න දෙන්න ඕන නැති වුණ නිසයි. පැය ගාණක් තිස්ස‍ේ අඬලා අඬලා මම එයාගේ උරහිස උඩම නින්දට වැටිලා තිබුණා.

ɴᴏᴏɴᴀ'ꜱ ᴋɪᴛᴛᴇɴ  - [ɢʟ]Tempat cerita menjadi hidup. Temukan sekarang