New beginning 💐

593 124 214
                                    

(Author's creation💖)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Author's creation💖)

Chapter 22

මම මොනවද තෝරන්න ඕනේ...
සොනායා පුදුම වෙලා ඇහුවා...

ඇයි ඔයාට දැන් අම්මලා දෙන්නෙක් ඉන්නවා ඔයා එක්කෙනෙක්ව තෝරගන්න ඕනේ..

ජොන්කුක් ගේ වචන වලින් සොනායා ගැස්සුනා..අම්මලා දෙන්නගෙම මූනු දිහා සොනායා බලාගෙන හිටියා..දෙන්නම අඬනවා..මේක තීරණය කරන බැරි දෙයක්...එක්කෙනෙක් තමන්ව බිහි කරපු අම්මා..අනිත් කෙනා තමාව හදාගත්ත අම්මා..දෙන්නම වටිනවා..ඒත් එක්කෙනෙක්ව විතරයි තොඉරගන්න පුලුවන් ...ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා හිතුවට බරපතලම ප්‍රශ්නේ අන්තිමට ඉතුරුවෙලා තිබ්බා...

ආහ්........
විනාඩි පහලවක් විතර තිබ්බ නිහඬතාවය සොනායා බින්දා...හැමෝම සොනායගේ තිරණය කියනකන් බලාගෙන ඉන්නවා..

ඔයාලා දෙන්නම මගේ අම්මලා...මට මේ දේ කරන්න ගොඩක් අමාරුයි..මට හිතාගන්න බෑ මම මොනවද කරන්න ඕනේ කියලා ..මට බෑ දෙන්නගෙන් එක්කෙනෙක්වත් අතාරින්න..ඒත් මට එහෙම කරන වෙනවා...මම තීරණයක් ගත්තා...

සොනායගේ කටින් ඒ වචන ටික පිටවෙද්දි අම්මලා දෙන්නගෙම ඇස්වලින් ගලන කඳුලු තවත් වැඩි වුනා...

මම මෙච්චර කාලයක් හිටියා වගේ මාව හදාගත්ත අම්මා එක්ක ඉන්නවා....

සොනායගේ  වචන ඇහෙනවත් එක්කම සොනායගේ ඇත්ත අම්මා පපුව අල්ලගෙන තවත් අඬන්න ගත්තා...

ඇයි..ඇයි මගේ දුවේ ..දුව මාත් එක්ක තරහද...අනේ දුවේ මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ....මට කරන්න තිබ්බේ මෙච්චරයි..ඇයි දුවේ මෙහෙම තීරනයක් ගත්තේ...

අම්මේ...මම අම්මත් එක්ක තරහා නෑ අම්මේ...මගේ හිතේ කිසි තරහක් නෑ..අම්මා එදා ඒ කැප කිරීම නොකරා නම් මම අද මෙතන ඉන්නේ නෑ..ඒත් මාව අවුරුදු 23ක් තිස්සේ හදාගත්තේ මේ අම්මා...මගේම අම්මා නොවුනට මගේම අම්මා තරමට මාව ආදරෙන් බලාගත්තා..අද වෙනකන් මගේ අම්මා එයා නෙමෙයි කියලා මට දැනෙන්න දුන්නේ නෑ...අනික මගේ සහෝදරියෝ ටික...මට බෑ එය්ලව අතාරින්න..මට තේරෙන්නේ නෑ ...ඒ අම්මගෙයි මගෙයි අතර තියෙන බැඳීම ගොඩක් ශක්තිමත් මගේ අම්මේ..මට ඒ බැඳීම කඩන්න බෑ...ඒකයි මම මේ තීරණය ගත්තේ...

BLOOMING UP ...✨️||✔️Where stories live. Discover now